gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැය 24ක් යන්නත් කලින් ටිකට් පත් සියල්ල විකිණෙයි - එක්දින තරඟ තුනක් ප්‍රේක්ෂකයන්ට නොමිලේ බලන්න අවස්ථාව!

ලබන 30 වන දා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ පැවැත්වීමට නියමිත තරඟයේ සියලු ප්‍රවේශපත් පැය විසි හතරක් ගතවීමට පෙර අලෙවි වී ඇත.

එම තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඊයේ (18) මාර්ගගත ක්‍රමයට අලෙවිය ආරම්භ විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය මේ මස 31 වනදා පැවැත්වෙනු ඇත.

එමෙන්ම පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරඟය සහ ඉන්දු - නේපාල තරඟාවලියේ ප්‍රවේශපත්වලින් වැඩි කොටසක් ද අලෙවි වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අනිද්දා සහ ලබන 24 වනදා සූරියවැව සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර එක්දින තරඟ තුන නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka