gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලවතුගොඩ තරුණ කාන්තාවගේ සැබෑ ඝාතකයා සැමියා! මාස 05කට පසු සැමියා අත් අංගුවට!

අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි  විසිහය හැවිරිදි රූමත් කාන්තාවක් පසුගිය මාර්තු මස 11 දා  අමානුෂික ලෙස ඝාතනයකර  නිවස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදී සොයා ගත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කළ  අලවතුගොඩ පොලීසිය සිද්ධියෙන් මාස පහකට පසු ඝාතනය සම්බන්ධව සැක පිට ඇගේ සැමියා   අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනයන් ඔස්සේ අනාවරණය වූ කරුණු මත අලවතුගොඩ පොලීසිය අද (22) පෙරවරුවේ මියගිය මධුවන්තිගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
ධනුෂිකා මධුවන්ති නැමැති මිය ගිය කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු මස 11 දින සොයා ගනු ලැබුවේ  මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදවා පරික්ෂණ සිදු කිරීමෙන් පසුවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ වනතුරු ඉන්නේ බන්ධනාගාරයේ ය.

මියගිය කාන්තාව ගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩතුළ එරී තිබිය දී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාව ගේ සැමියා ගේ බව හෙළි වීමත් සමඟ ඔහු දෙසට ද සැකය යොමු විය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තද විමර්ශන අඛන්ඩව සිදුකළ පොලීසියට  මෙම ඝාතනයට  මියගිය කාන්තාව ගේ සැමියාගේ  සම්බන්ධයක් ද  ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ ඔස්සේ සිදුකළ පරික්ෂණවලින් සැකය වඩාත් තහවුරු වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක   ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka