gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවනේදී ඉන්ධන ලීටර් 50000ක් හිස් කරලා ශ්‍රි ලංකන් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබාපු මෙහෙයුම

ඊයේ (28) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් (CMB) ජපානයේ, නරිටා (NRT) බලා රාත්‍රී 0750 ට පිටත්වූ ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් (UL454) එයාර්බස් A330-300 (4R-ALR) ගුවන්යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාත්‍රී 11ට පමණ යලි කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට ගුවන්නියමුවන් තීරණය කළා.

මෙයට හේතුව වශයෙන් සඳහන් වුණේ ගුවන්යානයේ ඉදිරිපස රෝද පද්ධතිය (Landing Gears) නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. ගුවන්යානය සුරක්ෂිතව ගොඩබැස්සවීම සඳහා තාක්ෂණික වශයෙන් සූදානම් කිරීම වෙනුවෙන් පැය 2කට අධික කාලයක් ගුවනේ පියාසර කර තිබුණා..

එහිදි මෙම ගුවන්යානා මාදිලියේ ඉන්ධන ඉවත් කිරීමේ (fuel dumping/ fuel jettison) හැකියාවක් නොතිබූ බැවින් ඉන්ධන දහනය (burn) කිරීම සඳහා මෙතරම් දීර්ඝ කාලයක් ගතවූ බවයි වාර්තා වුණේ.

මෙසේ ඉන්ධන ප්‍රමාණයක් ඉවත්කිරීම හෝ දහනය කිරීමට සිදුවන්නේ සාමාන්‍යයෙන් නරීටා (NRT) වැනි දිගුදුර ගුවන්ගමනකට (long haul flight) ඉන්ධන ලීටර/ කිලෝග්රෑම් 50,000කට අධික ප්‍රමාණයක් රැගෙන යන නිසා එතරම් අධික බරක් සමග එකවර ගොඩබැස්සවීමට නොහැකි වීම හේතුවෙන්.. එවැනි ගොඩබෑමකදී ගුවන්යානයේ රෝද පද්ධතිවලට දරාගත හැකි නිශ්චිත බර ප්‍රමාණයක් පවතින නිසා සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඒ මොහොතට අදාළ සුදුසුම සහ සුරක්ෂිතම විසඳුම දෙනු ලබන්නේ ගුවන්නියමුවන් විසින්.. (මීට ආසන්නම සිදුවීමකට ඊයේ (28) ඇමරිකා එකසත් ජනපදයේ, Delta ගුවන්සේවයට අයත් බෝයිං 717 ගුවන්යානයක් මුහුණ දුන්නා ලින්ක් එක කමෙන්ට් කරනවා කැමති අයට බලන්න)

මෙවැනි තාක්ෂණික කරුණු මත සිදුකරන ගොඩබැස්සවීම් ගුවන්සේවා ක්ෂේත්‍රයට අලුත් දේවල් නොවන බව මතක් කළ යුතු අතර ගුවන්සේවා කර්මාන්තය මෙතරම් සුරක්ෂිත වන්නේද මෙසේ කල්තියා අනතුරු හඳුනාගෙන ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්..

අපේ ගුවන් සමාගම් සැලකිල්ලට ගත් විට මෑත ඉතිහාසයේ කිසියම් හෝ මතකයේ රැඳෙන අනතුරක් සිදුනොවීමට ඔවුන් වග බලාගෙන තිබෙනවා. එය අප අගය කළ යුතුය! ආර්ථික අපහසුතා මත රටක් ලෙස යම් යම් සිදුවීම් වලට මුහුණ දුන්නද ගුවන් සුරක්ෂිතතාවය අතින් අප ආසියානු කලාපයේ ප්‍රමුඛ ස්ථානයක තවමත් රැඳී සිටියි. එය අපගේ ගුවන්නියමුවන්ට, ගුවන් තාක්ෂණික ශිල්පීන්ට, ගුවන් ඉංජිනේරුවන්, ගුවන්ගමන් පාලකවරු ඇතුලු ගුවන් කර්මාන්තයේ නියැලෙන බොහෝ දෙනාට මේ වන විට විදෙස් රටවලින් ඇති ඉල්ලුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර බැලුවොත් ඔබට සිතා ගත හැක.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka