gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඔය ෆොටෝ එක ගහපු තැනම එයා ට්‍රේන් එකේ වැදිලා ඇක්සිඩන්ට් වෙලා නැති වුනා” – ජීවිතය කියන්නෙම අහිමි වීමක්ද?

ජීවිතය මොන වගේ දෙයක්ද කියන එක ගැන තවමත් අපිට හිතාගන්න බෑ.

හිමිවීම් අහිමිවීම් එක්ක ජය පැරදුම එක්ක ගෙවීගෙන යන ජීවිතේ මේ මොහොත ඊළඟ තප්පරය මොනවා වෙයිද කියලා අපිට කියන්න බෑ.

අපිට දකින්න ලැබෙන සමහර දේවල් මොන තරම් සංවේදීයිද කියනවා නම් ඒක හිතා ගන්නත් අමාරුයි.

මේ කතාවත් ඒ වගේ. උපුටා ගත්තේ මුහුණු පොතින්.

ජායාරූප ශිල්පීන් විදිහට ලක්ෂ ගානක් පින්තූර අපි ඇරන් ඇති, ඒ ගන්න ජායාරූප අතරින් මතකේ තියන පින්තූර කියල ඉතිරි වෙන්නේ පොඩි ප්‍රමාණයක්, මේ දාල තියන පින්තූරය එහෙම එකක් , මේ පින්තූරය ජීවිත කාලයටම අමතක නොවන එකක් වෙන ඉතාමත් දුක හිතෙන කතාවක් මට අද අහන්න ලැබුන,

මේ පින්තූරය මගේ list එකේ ඉන්න ගොඩදෙනෙකුට මතක ඇති කියල හිතනව, මීට අවු, 6ට කලින් කරපු wedding shoot එකක් අතර අහම්බෙන් මට ගන්න පුළුවන් උන පින්තූර ටිකක් ,මේ photos ටික ගන්නව කියල මේ ඉන්න ස්වාමින් වහන්සේ වත් මේ කපල් එකත් දන්නෙත් නැහැ, ම⁣ට ලස්සන කතාවක් කියන්න පුළුවන් frame ටිකක් පෙනුන ,ඉක්මනින් ඒ ටික cover කරගත්තා , (සමහරු කියල තිබුන මේක setup කරල ගත්ත photos ටිකක් කියල) මේ පින්තූරය ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය උනා, page සැහෙන ප්‍රමාණයක පළ කරල තියනව දැක්ක , නිසදැස්, කවි , එක එක අදහස් ගොඩක් දැක්ක , සමහර විට ඉදල හිටල තවමත් මේ post දකිනව,

⁣මම මේ පින්තූරයට නම් කලේ “නිමාවක් සොයා” කියල, මේකට ලියල තිබුන නිසැදස් ,කවි වලත් අදහස විදිහට ඇරන් තිබුනේ මේ අදහසම තමයි,

අද මට massage එකක් ඇවිත් තිබුන මේ පින්තූරය ඉන්න මනමාලියගෙන් , >> අයියා

ඔය ෆොටෝ එක ගහපු තැනම එයා ට්‍රේන් එකේ වැදිලා ඇක්සිඩන්ට් වෙලා නැති වුනා…

ඒ නංගිට, පොඩි පුතාල දෙන්නෙක් ඉන්නවාලු,

ජීවිතය කියන්නේ, ⁣⁣නිමාවක් සොයා යන නිමාවක් නැති ගමනක් නේද ?

__________________________________________________

උපුටාගැනීමක් ~

සමහර ඡායාරූප තියෙනව හදවතට කතා කරන.මේ ඒවගේ දැකපු ඡායාරූපක්.ලියල තියෙන වචන ටිකෙයි ෆොටෝ එකෙයි ගැලපීම බලන්න

අතින් අත බැඳ

යන්න බෝ දුර..

මාත් ඔය ලෙස

ආමි පෙර දින..

සිතින් වචනින්

සැනසුමක් නැති..

දිවියේ ඇති බර

දැනුනි දිනයක..

රිදෙන රිදවන

නිමාවක් නැති..

කතර ගමක

අතිර බව දැක..

නියත අනියත

ඉගෙන ගන්නට..

ඇවිත් රැඳුනෙමි

බුදු සසුන තුළ..

රසක් විලසට

පෙනෙන ඔය සැප..

දිනෙක නැත්තට

නැති ව යනු ඇත..

යන්න ඉඩ දී

නතර වුණේ කිම..

එන්න පසුපස මින්

එතෙර වන්නට..

ගලන දිවි මග

කටු ඉපල් ඇත..

සැනසුමක් නම්

ඇත්තේ ම නැත..

දැනුනු දිනයක

මේ අතිර බව..

මගේ පසුපස

ඔබත් එනු ඇත..

ඡායාරූප හිමිකම

© Tharanga Jayawickrama

වචන සංකල්පනාව

– සමාධි සංකල්පනා රාජපක්ෂ –
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka