gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කළුතර 16 හැවිරිදි සිසුවිය හෝටල් කාමරයට එක්ක යන්න කලින් ප්‍රධාන සැකකරු ගේ ළඟට කාර් එකකින් ඇවිත් සිසුවිය ‌ලස්සනද කියා බලලා!

ආන්දෝලනයක් ඇති කර තිබෙන කළුතර සිසුවියගේ මරණය හා සංසිද්ධියට සාක්ෂියක් සපයමින් 16 හැවිරිදි සිසුවිය දන්සැල් වඳින්න කැටුව ගිය දිනයට මසකට පමණ පෙර මාර්තු 17 , ඇයගේ නිවස ආසන්නයේ කළුතර නාගොඩ පොකුණ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක් පළ කර තිබේ.

උන් වහන්සේ සඳහන් කරන්නේ සිද්ධිය වූ දිනයේ උන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානය ආසන්නයේ මෙම වාහනය පැය ගණනාවක් නතර කර තිබීම ගැන සැකයක් පැන නැගුණ බවයි.

ඔවුන්ගෙන් එසේ නවතා තිබෙන්නේ ඇයිද යන්න විමසන්නට යාමේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණ බවත් පසුව හඳුනාගත් පරිදි එම වාහනයේ සිටියේ කළුතර 16 සිසුවිය ඝාතනය කළා යයි සැකකරන ධනුෂ්ක නමැති පුද්ගලයා ලෙස හඳුනාගත් බවයි.

එම වාහනයේ සිසුවියගේ යෙහෙළිය පබාරාත් ඇගේ පෙම්වතා ඉෂාන් නුත් සිටින අයුරු හඳුනාගන්නට ලැබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් අනුව දැනගන්නට ලැබෙන්නේ සිද්ධිය වූ දිනයේ සිසුවිය රැගෙන යාමට ප්‍රථම ඇයව පෙන්වන්නට කියා පබාරා නමැති යෙහෙළිය ධනුෂ්කව මෙසේ නතර කරගෙන සිට තිබෙන බවයි.

පොලිස් නිලධාරියෙකු ඒ ගැන මෙසේ පවසා තිබේ.

“මෙම ප්‍රධාන සැකකරුගේ මිතුරා 16 හැවිරිදි සිසුවියගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින පබාරා කියන 19 හැවිරිදි සිසුවියක් සමඟ පෙම් සම්බන්ධකමක් පවත්වනවා. ඇය සිසුවියක් කීවට පාසල් යන්නේ නම් නැහැ. මේ ජෝඩුව හෝටල් ගානේ යන බවත් විමර්ශනවලින් අනාවරණය වුණා. පසුගිය 06 වැනිදා මේ ජෝඩුව මුණ ගැහෙන්න තීරණය කරල තියෙනවා. එදා 19 යේ ගෑනු ළමයගේ පෙම්වතා ප්‍රධාන සැකකරුට පවසා තිබෙනවා හොඳ ‘කෑල්ලක්‘ ඉන්නවා කැමති නම් ඒකිවත් අරන් යමු කියලා. ප්‍රධාන සැකකරු පවසන විදිහට ඔහු එකවරම ඊට කැමති වෙලා නැහැ. ඇයව බලන්න ඕනේ කියලා.

 ඒ අනුව තමයි යාළුවෝ දෙන්නා කාර් එකකින් ඇවිල්ල ඒ ගෑනු ළමයව බලල ගිහින් තියෙන්නේ. ඒ දෙන්න ඇවිත් තියෙන්නේ 19 ගෑනු ළමයාගේ ගෙදරට. 16 ගෑනු ළමයාව එයාගේ ගෙදරින් පිටතට එක්කරගෙන ඇවිත් ප්‍රධාන සැකකරුට පෙන්නල තියෙන්නේ 19 ගෑනු ළමයයි. 16 ගෑනු ළමයා හෝටලයට ගිහින් තියෙන්නෙ එයාගෙ කැමැත්තෙන්මයි. එයා අයිඩෙන්ටි කාර්ඩ් එකකුත් ඉල්ලගෙන තිබුනෙ අසල්වැසි අක්ක කෙනෙක්ගෙන්.“

නාගොඩ හිමියන් ඊයේ පළ කර තිබූ ඡායාරූප හා සටහන පහතින්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka