gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙල්ෆි අරන් දුම්රිය පාරෙන් මාරුවීමට ගිය තරුණ ජීවිත දෙක දෙහිවලදී යකඩ යකා බිලි ගනී!

දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මාරුවීමට උත්සාහ ගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක සිසු පිරිසකගෙන් එක් සිසුවෙක් සහ සිසුවියක් පෙරේදා (17 වැනිදා) උදේ 10.05 ට පමණ දුම්රියක ගැටී මරුමුවට පත්ව ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. 
තවත් සිසිවකු එම දුම්රියේ ගැටී විසිවී වැටී තුවාල ලබා ඇති අතර, ඔහු කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය, කිරිපෙද්ද පදිංචිව සිටි පොල්වත්ත ලේකම්ලාගේ රොෂාන් රන්දික විජේසිංහ (22) යන සිසුවා සහ අම්බලන්ගොඩ වතුගෙදර වඩුමුල්ල පදිංචිව සිට සමන් කුඩාවසම් චෙරිනි ලක්ෂිණි (22) යන සිසුවිය වේ. බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු – සිසුවියන් 12 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙරේදා උදේ දෙහිවල ජාතික සත්වෝiානය නැරඹීම සඳහා අම්බලන්ගොඩ දෙස සිට දුම්රියකින් පැමිණ දෙහිවල දුම්රිය ස්ථානයෙන් බැස ඇති බව හෙළිවිණැයි මියගිය සිසුවියගේ හා සිසුවාගේ මරණ පරීක්‍ෂණය සිදුකළ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු බන්දුල ජයසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම සිසු සිසුවියන් දුම්රිය වේදිකාවේ හිඳ සෙල්ෆි ඡායාරූප ගෙන පසුව දුම්රිය මාර්ගය හරහා මාර්ග 176 බස් රථයක් ගැනීමට උත්සාහ කිරීමේදී මරදානේ සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 8741 දරණ දුම්රියේ මොවුන් ගැටී ඇතැයි හෙළිවූ බව ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී මියගිය රන්දික විජේසිංහ සිසුවාගේ පියාවන නිශාන්ත විජේසිංහ මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය.

“අනේ මගේ රත්තරන් පුතාට වෙච්ච දෙයක්. මගේ දරුවට වෙච්ච විපත තව දරුවෙකුට වෙන්න නම් එපා. මගේ රත්තරන් පුතා කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙච්ච කෙනෙක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මේ මියගිය පුතා තමයි පවුලේ වැඩිමලා. පුතා බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවෙමින් සිටියේ.

“මේ සිද්ධිය වුණු 2022/12/17 වැනිදා පුතා උදේ යාලුවොත් එක්ක දෙහිවල සත්තු වත්ත බලන්න යනවා කිව්වා. යාළුවෝ කෑම අරන් එන නිසා කෑම එපා කියලත් කිව්වා. මට වැඳලා ගිය පුතා දෙහිවල ස්ටේෂන් එකේදී කෝච්චියක හැප්පිලා මියගියා කියලා දැනගත්තා. අනේ මගේ පුතා යාලුවොත් එක්ක දෙහිවල ස්ටේෂන් එකේ ප්ලැට් ෆෝම් එකේ ඉඳගෙන ෆොටෝ අරගෙනත් තියෙනවා. ඊට පස්සෙ තමයි පුතා මේ අනතුරට මුහුණපාලා තියෙන්නේ.

“මගේ පුතා සංගීතයට හරිම ආස දරුවෙක්. එයා ගිටාර් ගහන්න දක්ෂයි. පුතා ඇල්පිටිය නිපෝලයිව් සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් ශිල්පියා ලෙස කටයුතු කළා. තාත්තේ සංගීතයෙන් මම ඉස්සරහට යනවා කියලා හැම වෙලාවෙම කිව්වා. එහෙම කියපු රත්තරං පුතා අපිට දැන් නැතිවෙලා.”

මෙම දුම්රිය අනතුරින් මියගිය චෙරිනි සිසුවියගේ පියා මෙසේ කියා සිටියේය.

‘අනේ මහත්තයෝ තරහ වෙන්න එපා, මම කැමැති නැහැ මෙම සිද්ධිය මාධ්‍ය මගින් විකෘති කරලයි ගියේ. මේ දරුවෝ සෙල්ෆි ගන්න ගිහින් අනතුරට මුහුණපාලා නොවෙයි. නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්. මාධ්‍ය තුළින් ඇත්ත ප්‍රචාරය කරන්නෙ නැහැ. කනගාටුයි.

මේ පිළිබඳව දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර (68142) වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. මියගිය සිසුවියගේ හා සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල අධිකරණ වෛi කේ. බී. ජනිත් පෙරේරා මහතා සිදු කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඥානතිස්ස ජයවර්ධන බොරලැස්ගමුව සහ පින්සිරි ආරියරත්න – රත්මලාන


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka