gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිෂ්‍යත්ව විහාගයට ගියපු දරුවන්ගේ ප්‍රශ්න පත්‍රයට ගුරුවරිය කළ කැත වැඩේ – දෙමව්පියන් හඩා වැටෙයි (VIDEO)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,894 කදී ඊයේ (18) පැවැත්වුණා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 334,698 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපර්තමේන්තුව සඳහන් කළේ. 
මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය අතරතුර සිසුන් පිරිසකට මුහුණ දීමට සිදුවූ අසාධාරණයක් පිළිබඳව ගල්ගමුව – ඇහැටුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසකට මෙම අසාධාරණය සිදුව ඇති බවයි දැනගන්නට ලැබුණේ.

නිතලව ඥානීස්වර විද්‍යාලයේ සිසුන් පිරිසකටයි විභාග පරීක්ෂිකාවකගේ නොසැළකිල්ලෙන් මෙම අසාධාරණය සිදුව ඇත්තේ.

අද දිනයේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමුව ලබාදුන් දෙවන ප්‍රශ්න පත්‍රය, විභාග පරීක්ෂිකාවක් ලෙස කටයුතු කළ ගුරුවරියක විසින් විභාගය ලියූ සිසුන් අතර මාරුකර ලබාදීමෙන් මෙම ගැටළුව මතුව තිබෙනවා.

ප්‍රශ්න පත්‍රය ලබා දී පැය භාගයකට පමණ පසු සිසුන් අතර ප්‍රශ්න පත්‍රය මාරුකර ලබාදී බවට දැන ගැනීමත් සමඟ යළිත් එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගෙන් ලබා ගැනීමටයි අදාළ පරීක්ෂිකාව කටයුතු කර ඇත්තේ.

එලෙස ලබාගත් ප්‍රශ්න පත්‍රයේ සිසුන් විසින් සටහන්කර තිබූ පිළිතුරු මකා දමා යළිත් පිළිවෙලට සිසුන් වෙත ලබා දීමට අදාළ විභාග පරීක්ෂිකාව කටයුතු කර ඇති බවයි එම සිසුන්ගේ මව්පියන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් තම දරුවන්ට නියමිත කාලය තුළ අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නොහැකි වූ බවත් එම මව්පියන් චෝදනා කරනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුවෙකුගේ මවක්,

“හිටපු ගුරුවරිය පේපර් මාරුකරලා තියෙනවා. මගේ දරුවා ප්‍රශ්න 30ක් ලිව්වට පස්සේ පේපර් මාරු කරලා තියෙනවා. ඒ වගේ දරුවෝ 11 දෙනෙක්ට මේ අසාධාරණය වෙලා තියෙනවා.”

එලෙස අපහසුතාවට පත්වූ දරුවන් 11 දෙනෙක් පස්වරු 4.45 දක්වා පාසලේ විද්‍යාගාරයේ තබාගැනීමටත් අදාළ ගුරුවරිය කටයුතු කර තිබූ බව දරුවන්ගේ මව්පියෝ චෝදනා කළා.

“ළමයින් ට පේපරයක් බෙදාගන්න බැරි ගුරුවරයෙක් මොකටද ගෙන්නුවේ ? අහිංසක දරුවෝ බඩගින්නේ බලගෙන ඉන්නේ. 12.30ට ආපු ළමයි ටික තව දුන්නේ නැහැ. දැන් කීයද වේලාව. උගන්නන්න පුදුම දුකක් වින්ඳේ…”     

පසුව සිද්ධියට මුහුණ දුන් දරුවන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.

සිද්ධියට මුහුණදුන් දරුවන්,

“12:15 වෙනකොට ඉවරකලා.. ඊට පස්සේ අපිව හෝල් එකකට අරගෙන ගිහිල්ලා 5:00වෙනතුර තියාගත්තා.”

“එක පිටුවක් ලිව්වා පේපර් ඒකේ ටීචර් පේපර් එක ගත්තා අරගෙන වෙන ළමයෙක්ගේ පේපරයක් මට දුන්නා. ඒ ළමයා ලියලා තිබුණා ප්‍රශ්න 18ක් විතර හරිද කියලා බලලා ඉතුරු ඒවා ලිව්වා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka