gossip lanka

සුගර් ඩැඩී කෙනෙක්වත් නැති මට මේ ග්‍රෑන්ඩ් පාටිය දුන්නට ගොඩක් පින් චන්දිමාල් - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය නිතරම කතා මවන්නියක්.නිරූපණ ක්ෂේත්‍රය තුළ මෙන්ම රංගන ක්ෂේත්‍රය තුළත් අපට ඇය වැඩි වශයෙන් දැක ගන්නට පුළුවන්.ඒ වගේම තමයි පියුමි කියලා කියන්නේ හරිම ශක්තිමත් කාන්තාවක්.දරුවෙක් සමග තනිවුනු මවක් වන ඇයට සමාජය තුළින් මොන තරම් විවේචන සහ චෝදනා එල්ල වුවත් ඒවාට නොසැලී මුහුණ දීමට තරම් ධෛර්යයක් ඇය සතුව තිබීම සැබවින්ම අගය කළ යුතුමයි.ඒ වගේම තමයි ඇය නොයෙකුත් ධාර්මික වැඩ කටයුතු සිදු කරන බවත් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ අප දුටුවා.කියන්න තියෙන දේ මූණටම කෙලින් කතා කරලා කියලා මේ අපූරු රුවැත්තියගේ ජන්ම දිනය පසුගිය දිනකදී යෙදී තිබුණා.ඉතිං මෙහිදී විශේෂත්වය වන්නේ ඇයගේ හොඳම යහළුවා වන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් ඇය වෙනුවෙන් අති උත්කර්ෂවත් පාටියක් සංවිධානය කර තිබීමයි.ඉතින් ඒ පිළිබඳව කෘතගුණ සැලකීමක් විදිහට ඇය ඇගේ facebook සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා.ඒ තමයි,

“චන්දිමාල් ජයසිංහ ,චතුරංග චතූ, ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 pro max එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා.අවුරැදු 3 ක් එකම phone එක මම use කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ. එන එන phone එක ගන්න ඔනෙ කියලා. මිට අවුරුදු 4/5 කට කලින් නම් එම පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ .එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා.

specially චන්දි ඔයායි මෙ party එක ලැස්ති කරෙ ඔයාගෙ තනි වියදමින්. thank you so much මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරාට bf කෙනෙක් වත්, සුගර් ඩැඩි කෙනෙක් වත් නැති අසරන මම ගැන ඔයාට දුක හිතිලා තමයි මේ හැමදෙම ඔයා කරෙ කියලා මම දන්නවා.again thank you so much මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානෙ ඔයාට party එකක් royal එකක් හරිද රොල් කරලා දෙන්නම්.”යනුවෙන් තමයි ඇය පලකොට තිබුනේ.ඉතින් ඇයට අපිත් සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
gossip lanka