gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද ජනපති කරන්නට ගෝඨාභය ඡන්දය දී නෑ !

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2005 දී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවෙමින් ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදු කරනවා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කළ යුතුයි.


1992 දී ඇමෙරිකාවේ නිත්‍ය නේවාසිකයෙකු බවට පත් වුණත් ඇමෙරිකාවේ පුරවැසියෙකු බවට පත් වුණේ නෑ. ඒ කියන්නේ ඇමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලංකා පුරවැසියෙක්. ඒ නිසා සැම වසරකම මැදමුලන නිවසේ ඡන්දදායක ලැයිස්තුව පුරවන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න ගෘහ මූලික විධියට චමල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. මොකද බැරි වෙලාවත් ඡන්දයක් පැවැත්වෙන විට ගෝඨාභය මැතිතුමා ලංකාවේ සිටියොත් ඔහුට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව තිබිය යුතු නිසා.

ගෝඨාභය මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසියෙකු වන්නේ 2003 වසරේ දී. එබැවින් 2005 ජනාධිපතිවරණයට භාවිතා කළ ඡන්දදායක ලැයිස්තුවේ ගෝඨාභය මැතිතුමාගේ නම තිබෙනවා. නමුත් ජනාධිපතිවරණය වන විට ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු වීමෙන් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වී තිබුණා. මේ තමන්ගේ අයියා තරග කරන ජනාධිපතිවරණය. ඡන්ද හිමි නාමලේඛණයේ තමන්ගේ නම තිබෙනවා. නමුත් තමන් තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන නිසා මේ විනය ගරුක නීති ගරුක මල්ලි තමන්ගේ. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකි සිටිනවා. අන්න ඒ නිසා තමයි ගෝඨාභය මැතිතුමාගේ නම ඡන්ද නාම ලේඛණයේ තිබුණු බවට චෝදනා නැගුවාට ඇත්තෙන්ම ඡන්දය පාවිච්චි කළ බවට කිසිවෙක් චෝදනා නගන්නේ නැත්තේ.

එජාපය මඩක් කර ගන්න හැදූ සිදුවීම ගෝඨාභය මැතිතුමා කෙතරම් නීතිගරුක පුද්ගලයෙකු ද කියන එක ප්‍රර්දශනය කරන සාධකයක් වී තිබෙනවා. මේ සිදුවීම මතු කළාට ආණ්ඩුවේ පචමෝල් හිමියනි, ඔබට පින්!

අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් සිදු කලා. ඒ තමයි පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින සැබෑ බලවේග හඳුනා ගැනීමට තමන් ජනාධිපති වුණු පසු ජනාධිපති කොමිසමක් පත් කරනවා කියන එක. සහරාන්ව මෙහෙයවපු අය සහය දුන් අය හඳුනා ගන්නා තුරු මේ රට සුරක්ෂිත නෑ කියන මතය කාදිනල්තුමා වගේම කතෝලික ප්‍රජාව වගේම අපිත් දරණවා. ඒ නිසා අනාගත ජනාධිපතිතුමාගේ මේ සත් ක්‍රියාව නැවැත්වීමට කිසිම ජාතික හෝ ජාත්‍යන්තර බලවේගයකට ඉඩ තබන්නේ නෑ කියන සහතිකය අපි ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka