gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවියකට නවකවදය දුන් සිසුවියන් දෙදෙනකු සහ සිසුවකුට ගාල්ලේදී වෙච්ච දෙයක්

නවකවදය දී සිසුවියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ගාල්ල ලබුදුව උසස් තාක්‍ෂණ ආයතනයේ සිසුවියන් සිවුදෙනකු සහ තවත් සිසුවකුට එරෙහිව අක්මීමන පොලිසිය මඟින් ගාල්ල අධිකරණයට ගොනු කර තිබූ නඩුවකින්  වින්දිත සිසුවියට රුපියල් හය ලක්ෂයක වන්දියක් ගෙවීමෙන් පසු පසුගිය සතියේ සමථයකට පත් විය.


ලබුදුව තාක්ෂණ ආයතනයේ කෘෂි විද්‍යා පිඨයේ සිසුවකුට සහ සිසුවියන් සිවු දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳ වූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ එකඟතාවකින් වින්දිත සිසුවියට රුපියල් හය ලක්ෂයක වන්දියක් ගෙවා එලෙස නඩුව සමථයකට පත්කර ගැනිණි.

නවකවදය දුන් බවට චෝදනා ලැබූ ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසු සහ සිසුවියන් පස්දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. 1,2,5 යන විත්තිකරු සහ විත්තිකාරියන් දෙදෙනා වන්දි මුදල් ගෙවූ අතර 3,4, විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවීමකින් තොරව සමථයකට පත් විය. වින්දිත සිසුවිය බෙලිඅත්ත ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි විද්‍යා පීඨයට 2018 මැයි 14 වැනි දින ඇතුළත් වී ඇති අතර ඇය මේ වන විට පාඨමාලාව හැර දමා නිවෙසට ගොස් ඇති බවද නඩුවේදී අනාවරණය විය.

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka