gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහලු පියා නගරයට ගියවෙලේ අතු කපන්න ආ තරුණය 64 හැවිරිදි මහලු මවට අතවර කරන්න හදලා !

ගලේවෙල කැදන්ගමුව ප්‍රදේශයේ නිවසක සිටි 64 හැවිරිදි මහලු මවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් මාදිපොල කැදන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ තනිව ජීවත් වන වයස්ගත යුවලක් පසුගිය දා සිය වත්තේ තිබූ අඹ ගසක අමතර අතු කපා දමන ලෙස ගම්මානයේ සිටි ගස් කපන අයකුට භාරදී ඇත.

එම අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ සැකකරු ද මෙම පිරිස සමග ගස් අතු කැපීමට පැමිණ ඇති අතර පසුදා මෙම නිවසේ සිටි මහලු පියා ගලේවෙල නගරයට පැමිණ සිටි අවස්ථාවේදී සැකකරු මෙම නිවසට ගොස් පෙරදින ගස් අතු කපන වේලාවේදී සිය සෙරෙප්පක් අතුරුදහන් වී ඇති බව පවසමින් නිවසට ඇතුළු වී මහලු මවට අතවර කිරීමට උත්සාහ කර ඇතැයි එම මව විසින් ගලේවෙල පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

පැමිණිලි ලැබීමත් සමග පරීක්ෂණ ඇරැඹූ ගලේවෙල පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජානක වීරරත්න හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ශානිකා රණසිංහ මහත්මිය ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් දැඩි පරීශ්‍රමයක් දරා සැකකරු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට විරුද්ධව 2017 වසරේ නිවසකට අයුතු ඇතුළුවීම හා සොරකම් කිරීමේ චෝදනාවක් පවතින බවත් මොහු අධිකරණය මහ හැර සිටින වරෙන්තුකරුවකු බවත් පොලිසිය හෙළි කරගෙන ඇත.

පැමිණිලිකාර කාන්තාව වෛද්‍යය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනානදු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජානක වීරරත්න මහතාගේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ශානිකා රණසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් සැරයන් (19282) වනසිංහ, (17961) ජයකොඩි යන මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka