gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ බෝට්ටු සේවාව ඇරඹේ - රාත්‍රි කාලයේ බෝට්ටු සංචාර

කොළඹ රථ වාහන තදබදය අවම කිරීමේ තවත් උත්සහයක් ලෙස මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද (22) ආරම්භ කෙරෙනවා. යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මෙම බෝට්ටු සේවය ක‍්‍රියාත්මක වනු ඇති.


මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ. මෙහිදී මගී ප‍්‍රවාහනය සඳහා වායු සමීකරණය කරන ලද බෝට්ටු යොදා ගන්නා බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන පැවසුවා.


යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බස් රථයකින් ගමන් කිරීමට කාර්ය බහුල අවස්ථාවකදී සාමාන්‍යයෙන් විනාඩි 30ක් පමණ ගතවනවා. එහෙත් බේරේ වැව ඔස්සේ බෝට්ටුවෙන් එම ගමන සඳහා ගතවන්නේ මිනිත්තු 10ක් පමණක් බවයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පැවසුවේ.

මෙම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව බෝට්ටු මගින් මගී ප‍්‍රවාහන සේවය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද අදහස් කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වාත්, මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, මට්ටක්කුලියේ සිට මීගමුව දක්වාත් මගී ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමේ හැකියාවක් තිබෙන බවයි සඳහන් කෙරුණේ.

කොළඹ රථ වාහන තදබදය අවම කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka