gossip lanka

16 දා එන අවසන් චන්ද්‍රග්‍රහණයෙන් වෙන වැඩේ !

එළඹෙන ජූලි 16 වැනිදා පුර පසළෝස්වක දින අර්ධ චන්ද්‍රගහණයක් දැකබලාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.


ශ්‍රී ලංකාවට මෙන්ම මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලට දක්නට ලැබෙන බව ඒ මහතා කියා සිටී.

අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඇතිවීමේදී සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම සිදුවන අතර ඒවා සරළ රේඛාවක නොපිහිටන අතර පෘථිවියේ සෙවනැල්ලේ අදුරුතම කොටස (පූර්ණ ඡායාව) සඳ මත පතිතවීමෙන් මෙම චන්ද්‍රගහණය සිදුවේ.

ගණනය කර ඇති තොරතුරු අනුව මෙම චන්ද්‍රග්‍රහණය ජූලි 16 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව, එනම් 17 වැනිදා අළුයම 12.13 ට චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ල) චන්ද්‍රයා ඇතුළු වීමත් සමඟ ආරම්භ වේ.

පසුදා (17) අළුයම 5.47ට පමණ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත්වී චන්ද්‍රග්‍රහණය අවසන් වේ.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ පියෙවි ඇසට දෘශ්‍යමාන කොටස 17 වැනිදා අළුයම 1.31 ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වීමත් සමඟ ආරම්භ වන අතර අලුයම 4.29 ට චන්ද්‍රයා ඉන් පිටවන විට අවසන් වේ.

උපරිම ග්‍රහණ අවස්ථාව අළුයම 3.00 ඇතිවන අතර එවිට සඳ මතුපිටින් 65% ක් පමණ පුර්ණ ඡායාවෙන් ආවරණය වී ග්‍රහණය හොදින් දැකිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග්‍රහ දෙකක් වන බ්‍රහස්පති සහ සෙනසුරු, ග්‍රහනයට ලක්වන චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටමින් ඇතිවන දුර්ලභ ආකාශ වස්තු සංදර්ශනයක් ද මෙදින දැකගත හැකි බව මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

චන්ද්‍රග්‍රහණ දිනයේදී සෙනසුරු සඳට ඉතා ආසන්නවත් වඩාත්ම දීප්තිමත් වූ බ්‍රහස්පති ඉන් තරමක් ඔබ්බෙනුත් දැක ගත හැකිවනු ඇත.

මෙම චන්ද්‍රග්‍රහණය මෙම වසරේ අවසන් චන්ද්‍රගහණය වන අතර නැවත මෙවැනි අවස්ථාවක් උදාවනුයේ 2021 මැයි මස 26 වැනිදා ය.
gossip lanka