gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර පාරෙන් ජාතික පාසල්වලට 2018දී සිසුන් 3,339ක් අරන් !

චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3,339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය වී තිබේ.

වැඩිම සිසුවියන් සංඛ්‍යාවක් ඇතුළත් කර ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලටය.එසේ ඇතුළත් කළ ගණන 242කි.


ගම්පහ බණ්ඩාරනායක විදුහලට එලෙස ඇතුළත් කර ඇති සිසුන් සංඛ්‍යාව 219ක් වෙයි.

මීට අමතරව කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට සිසුහු 193 දෙනෙක්ද මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට සිසුහු 143 දෙනෙක්ද කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලට සිසුවියෝ 138 දෙනෙක්ද ඇතුළත් කර සිටිති.

කළුතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විදුහලට ඇතුළත් කර ඇති සිසුන් සංඛ්යාව 172කි.

කොළඹ රාජකීය විදුහලට මේ අයුරින් ඇතුළත් කර ඇති ශිෂ්ය සංඛ්‍යාව 124ක් වන අතර මහනුවර මහාමායා බාලිකාවට සිසුවියෝ 135 දෙනෙක්ද මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට සිසු සිසුවියෝ 114 දෙනෙක් ද කළුතර බාලිකා මහා විදයාලයට සිසුවියො 102 දෙනෙක් ද පින්නවල මධ්‍ය මහා විදුහලට සිසුහු 109 දෙනෙක්ද චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් ඇතුළත් කර සිටිති.

සෙසු පාසල් සඳහා ඇතුළත් කර ඇත්තේ සියයට අඩු සංඛ්‍යාවකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ 2008/37 චක්‍රලේඛය අනුව ජාතික පාසලක ප්‍රථමික ශ්‍රේණිවල සමාන්තර පන්තිය සිටිය යුතු උපරිම ශිෂ්ය සංඛ්‍යාව 40ක් වන අතර ද්විතීයික ශ්‍රේණිවල සමාන්තර පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45කි. ඉහත සිසුන් ඇතුළත් කර ඇත්තේ එම සීමාවන් ඉක්මවමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka