gossip lanka

කටුනායකට බාපු පිටරට කුණු හොරපාරේ මුතුරාජවෙලට ගෙනියන්න සැලසුමක් !

එංගලන්තයේ සිට මෙරටට අපනයනය කර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපදාව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste)හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ අවධාරණය කරනවා.
රේගු නිලධාරීන් විසින් කන්ටේනර් 130 ක බහළු අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27685ක අපදාව්‍ය තොගය ඉකුත් සතියේ සොයා ගනු ලැබ මාධ්‍යට අනාවරණය කර තිබුණා.

එසේම එවැනිම අපද්‍රව්‍ය කන්ටේනර් 110ක් කොළඹ වරායට ගෙනැවිත් තිබෙන බවද රේගුව අනාවරණය කර සිටියා.

2013/07/30අංක 1818/30 ගැසට් පත්‍රයට ආවරණය වෙමින් මෙම අපද්‍රව්‍ය තොගය ශ්‍රීලංකාවට ගෙන එනු ලැබ තිබුණද එලෙස මෙම දාව්‍ය ගෙන ඒම රේගු ආඥාපනතට, විනිමය ආඤපනතට,,ආනයන අපනයන පනතට මෙන්ම ස්විස්ටර්ලන්තයේ දී 1989 ශ්‍රීලංකාව අත්සන් තැබූ  බාසල්(basel) සම්මුතිය ට පටහැනි බව තිලක් සේනාසිංහ මහතා අවධාරණය කළා.

මෙලෙස නීති විරෝධීව මෙරටට රැගෙන විත් තිබෙන එංගලන්තයේ රෝහල් වල හා සාත්තු නිවාසවල අපද්‍රව්‍ය යැයි සැක කල හැකි  දෑ තුළ ගෝස්,මෙට්ට, රුධිරය තැවරුණු පුළුන්, එන්නත් කටු ආදිය තිබීම තත්වය වඩාත් බරපතල කරන්නක් බවද සේනාසිංහ මහතා පවසයි. මේවන විටද කටුනායක නිදහස් වෙළෙඳ කලාප ආයතන භූමියක ගොඩ ගසා ඇති අපදාව්‍ය වැස්ස ට නිරාවරණය වීම නිසා එයින් ගලා එන ආසාදිත අප ජලය කාණු ඔස්සේ මීගමුව කලපුව ට පැමිණිමට ඉඩ තිබෙන බවද සේනාසිංහ මහතා අවධාරණය කළා.

උක්ත අපද්‍රව්‍ය තොග මුතුරාජවෙල අභය භූමිය වෙත  බැහැර කරනු ලැබුවහොත් එය අතිශය බිහිසුණු කටයුත්තක් විය හැකි බවත් දෙදිය හුවමාරු ව (වඩදිය බාදිය) ඉතා සක්‍රීය ව පවතින මුතුරාජවෙල අභය භූමියේ සිට මෙම අපද්‍රව්‍ය ආසන්න සාගර කලාපය ට බල පෑමක් කරන බවද ප්‍රදේශයේ ජල හා සමුද්‍ර දූෂණය අනිවාර්යයෙන්ම වන බව තිලක් සේනසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කලහ. එසේම මෙම අපද්‍රව්‍ය තොගය මෙරට ඉහළ ම ධන කූවේරයකු විසින් ගෙන එන්නට ඇතැයි ද සේනාසිංහ මහතා පැවසුවා.

ප්‍රසංග පාවුළුහේවා
gossip lanka