gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටිපතියාගේ සාක්කුවේ තිබූ මැණික් ටිකට බස් එකේදි විදලා !

කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් කෝටියකට ආසන්න මැණික් තොගයක් සොරා ගත් පුද්ගලයකු පැය හයක පමණ කාලයකදී වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
පුෂ්පරාග, ගෙවුඩ, නිල් හා රතු ආදී මැණික් වර්ග රැසක් සොරාගත් මැණික් ගල් දහනවය අතර තිබූ බව පොලිසිය කියයි.

බේරුවල පදිංචි මැණික් ව්‍යාපාරිකයා එම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා මැණික් කොළඹ ගෙනැවිත් විකිණීම කලක සිට කරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 26 වැනිදා ව්‍යාපාරිකයා එම මැණික් ගල් තොගය හා රුපියල් එක් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා චෙක්පතක්ද රැගෙන ඔහුගේ පුත්‍රයා සමඟ දෙහිවල දක්වා මෝටර් රථයකින් පැමිණි අතර පුත්‍රයා වෙනත් අවශ්‍යතාවක් සඳහා පිටවී යෑමෙන් අනතුරුව ව්‍යාපාරිකයා දෙහිවල පල්ලියකට ගොස් ආගමික වතාවත්වල නිරත වී කොළඹ බලා යෑම සඳහා බස් රථයකට ගොඩ වී අසුන් ගෙන ඇතැයි පොලිසිය කියයි.

වැල්ලවත්තට පැමිණ කලිසම් සාක්කුව පරීක්ෂා කිරීමේදී එහි තිබූ මැණික් ගල් අඩංගු කර තිබූ බෑගය නොමැති බව දැක ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟම බම්බලපිටිය පොලිසිය වෙත ගිය ව්‍යාපාරිකයා, තමන් දෙහිවලින් බස් රථයකට කොළඹ බලා යෑමට ගොඩ වූ  බවත් වැල්ලවත්ත බස් රථය පැමිණෙන විට විනාඩි දහයක්වත් ගත නොවූ බවත්, එම කාලය තුළදී කලිසම් සාක්කුවේ තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා මැණික් ගල් තොගය කිසියම් අයකු සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.

ලද පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා මෙවැනි ආකාරයට බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි හා වටිනා දේපළ සොරා ගන්නා ලද හඳුනාගත් සැකකරුවන්ගේ ඡායාරූප හා පූර්ණ විස්තර ලේඛනයේ සඳහන් ඡායාරූප පෙන්වීමෙන් පසු පැමිණිලිකරු විසින් හඳුනාගන්නා ලද සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශන කර එම පුද්ගලයා වැල්ලවත්ත සිනමාහලක් අසලදී සොරාගත් මැණික් ගල් තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවත් මේ ආකාරයේ සොරකම් රැසකට චෝදනා ලැබූවකු බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වයස අවුරුදු 46ක් වන සැකකරු පානදුර, සංඝානන්ද මාවත, වත්තල්පොල පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

කොළඹ - එම්.සී. පෙරේරා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka