gossip lanka

මෙරට සමාජ ජාලා වේගය අඩු කරලා.. අන්තර්ජාල වේගයත් මන්දගාමී කරලා

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අන්තර්ජාලය මන්දගාමී වුයේ සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට රජය Deep Packet Inspection යොදාගත් නිසාද ? DPI නිසා අන්තර්ජාල භාවිතයේදී ඔබගේ දත්ත/පෞද්ගලිකත්වය සුරක්ෂිතද?


පසුගිය සමයේ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීමට Deep Packet Inspection නොහොත් DPI තාක්ෂනය භාවිතා කල බවට වාර්තාවන අතර 2013-2014 වර්ෂයන්හිදී මේ සදහා එවකට පැවති රජය විශාල මුදල් ප්‍රමාණයක් මේ සදහා ආයෝජනය කොට එම තාක්ෂණික උපකරණ චීනයෙන් ගෙන්වා ඇති බවත් එම වර්ෂ වලදී සිදුකරන ලද ආයෝජනයන් ශ්‍රී ලංකාවේ වර්තමානය අන්තර්ජාල පරිශීලකයන්ගේ ප්‍රමාණයට සරිලන්නේ නොමැති බැවින් සමස්ත ශ්‍රී ලාංකික අන්තර්ජාල පද්ධතියම DPI පද්ධතිය ක්‍රියාත්මක කලපසු මන්දගාමී ස්වරූපයක් ගත් බවත් දැනගන්නට ලැබේ.අන්තර්ජාල වේගය මන්දගාමි විම පිලිබදව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප දිවයිනම ආවරණය වන ලෙස අන්තර්ජාල වේගය පිලිබදව දත්ත එක්රැස් කොට සමීක්ෂණයක් සිදුකල අතර එම සමීක්ෂණ දත්ත හොදින් අධ්‍යනය කිරීමකට ලක් කොට අන්තර්ජාලය මන්දගාමී වීමක් සිදුවී තිබේ යනුවෙන් එම දත්ත ජනමාධ්‍යට මුදාහැරීමෙන් අනතුරුව සිදුකල සොයාබැලීම් වලදී අනාවරණය වුයේ රජය සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීමට DPI හාවිතා කිරීමක් සිදුකර ඇති බවත් එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් සමස්ත ශ්‍රී ලාංකික අන්තර්ජාල පද්ධතිය සමාජ මාධ්‍ය ජාල අවහිරව තිබූ කාල පරාසය තුල මන්දගාමී ස්වරූපයක් ගත් බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම මෙවැනි තාක්ෂණයක් ගැන සදහන් වන්නේ 2013 අගෝස්තු 28 වනදා Colombo Telegraph නමින් තිබෙනා වෙබ් අඩවියක් ඔවුන්ගේ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවට අවහිර කිරීමට එවකට තිබූ රජය DPI භාවිතා කල බව දන්වමින් සදහන් කර තිබූ ලිපියකය.තවද 2017 ජූලි 4 දින veriteresearch නම් වෙබ් අඩවියක SriLankaguardian, paparaci, gossip9, srilankamirror සහ lankawaynews යන වෙබ් අඩවි සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සමාගම් ඇතුළුව තවත් අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් packet filtering, හෝ Deep Packet Inspection සිදුකර තිබූ බව යම් වාර්තාවක අනු කරුණක් ලෙස දක්වා තිබිණි.

Deep Packet Inspection නොහොත් DPI යනු කුමක්ද?

ඔබ අන්තර්ජාලය සමඟ සන්නිවේදනය කරන විට, ඔබ යවන පැකට්ටු(packets) තොරතුරු සමග ලබා දෙයි. අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) මගින් පරිශීලකයා විද්‍යුත් තැපෑලක් යැවීමක් හෝ වෙබ් බ්‍රවුසරය මත සැරිසැරීම හෝ උඩුගත කරන්නේ කුමක්දැයි ගොනු පරික්ෂා කිරීමේ ප්රොටෝකෝලය මගින් හඳුනා ගත හැකි අතර DPI තාක්ෂණය මගින් ඊට වඩා වැඩි දෙයක් සම්ප්‍රේෂිත දත්තවලින් පරික්ෂාකර බැලිය හැකි ය. DPI හට යම් ජාලයක් හරහා යැවූ හෝ ලැබුණු පැකට් වෙන්කර හදුනාගැනීමට උදව්විය හැකිය. තවද ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාට එය භාවිතා කරමින් පරිශීලකයාගේ සම්බන්ධතාවය සහ අන්තර්ජාල භාවිතයේ පුරුදු පිළිබඳ විශ්ලේෂණය කිරීමට හැකියාවක් ලැබේ.

DPI තාක්ෂණය භාවිතා කරමින් කිසිදු ආරක්ෂණයක් නොමැතිව යවන පණිවිඩ වල නිශ්චිත වචන ස්වයංක්‍රීයව අනාවරණය කරගැනීමටත් කියවා විශ්ලේෂණය කරගැනීමටත් හැකිය. ඔබ HTTPS ප්‍රොටෝකෝලය සහිත වෙබ් අඩවි වලට පිවිසීම සිදුකරත් ඒවාද කියවා බැලීමට හැකි නිසා ඔබගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වේ. DPI වෙත ඔබගේ ෆේස්බුක්, ගුගල් ඇතුළු සියලුම අඩවි වල මුරපද ලබාගත හැකි අතර ඔබ අන්තර්ජාලය තුල තවදුරටත් සුරක්ෂිත නොවනු ඇත.

DPI තාක්ෂනය යොදාගෙන මහාපරිමාණ දත්ත විශ්ලේෂණයන් සදහා දත්ත එක්රැස් කිරීමට හැකියාවක් පවතින අතර DPI හට පරිශීලක පුරුදු, නිතර සංචාරය කරන ලද වෙබ් අඩවි සහ තවත් සංවේදී රටාවන් හා දත්ත හදුනාගත හැකිය. මෙලෙස අනුමැතියකින් තොරව තොරතුරු රැස් කිරීම නීති විරෝධී වන අතර එහෙත් යම් යම් රජයන් විසින් විවිධ දෑ අධීක්ෂණයට මෙය යොදාගන්නා බවට වාර්තා වේ.චීනයේ සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට සිදුකරන්නේ මෙම ක්‍රියාවලියයි.Telegram නමැති සමාජ මාධ්‍ය යෙදවුමට රුසියාවේ සිට පිවිසීම අවහිර කිරීමට කටයුතු කරත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත.

DPI භාවිතා කිරීමේදී හුවමාරු වන පැකට්ටු තුල ඇති දත්ත අන්තර්ජාල සේවා සපයන්නාට විශ්ලේෂණය කිරීමට සිදුවන බැවින් අන්තර්ජාල වේගය මන්දගාමී වේ. VPN භාවිතයෙන් පිවිසීමට අවහිරකර තිබෙන වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වුවත් අන්තර්ජාල සේවා සපයන්නාට VPN ප්‍රවේශ අඩු කිරීමට හැකියාවක් තිබේ. DPI යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙවලමක් වන අතර කිසිදු උසාවි නියෝගයක් නොමැතිව එවැනි දෙයක් ක්‍රියාත්මක වීම මානව හිමිකම් කඩවීමක් වන අතර ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩකිරීම, ජනතාවගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත පරිහරණයට ලක් කිරීම, ජනතාවගේ පෞද්ගලිකත්වය නැතිකිරීම ආදී දෑ DPI මගින් කඩවන මානව හිමිකම් අතර ප්‍රධානත්වයක් ගනී.

මේ පිලිබදව තවදුරටත් සොයාබැලීම සදහා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලීමක් සිදුකිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර European Digital Rights(EDRi) වැනි යුරෝපය පුරා පැතිරුණු අන්තර්ජාතික සිවිල් හා මානව හිමිකම් සංවිධාන රැසක් මගින් අන්තර්ජාල සේවා සපයන්නන් DPI භාවිතය මගින් රැස්කරගන්නා පරිශීලකයන්ගේ දත්ත අවභාවිතයෙන් වැළැක්වීම සදහා යුරෝපියේ දත්ත ආරක්ෂක මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇති අතර ඔවුන් විසින් යුරෝපීය අන්තර්ජාල සේවා සපයන ආයතන හට DPI නිවැරදි ආකාරයෙන් භාවිතය සිදුකිරීම පිලිබදව මාර්ගෝපදේශන සපයනු ලබයි.DPI භාවිතා කිරීම පිලිබදව එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට යන “ සයිබර් ආරක්ෂාව” සදහා වූ පනතෙහිද මේ පිලිබදව කිසිදු සදහනක් නොමැති අතර අවම වශයෙන් මෙම පනත මගින් අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත හා පෞද්ගලිකත්වය පිලිබදව සදහන් කිරීමට අපොහොසත් වීම ඉදිරි අනාගතයේදීත් DPI තාක්ෂනය නීති විරෝධී ලෙස හාවිතයට ගැනීමට උල්පන්දම් දිමක්දැයි සැක මතුවේ.

Deep Packet Inspection නොහොත් DPI තුලින් අන්තර්ජාලයට සිදුවන බලපෑම කුමක්ද?

රුසියානු අධිකරණය විසින් 2018 වසරෙහි Telegram සමාජ මාධ්‍ය යෙදුමෙහි encryption keys ඉල්ලා සිටි අවස්තාවක ඒවා ලබා නොදීමට Telegram යෙදුම ක්‍රියාකළ බැවින් එම සමාජ මාධ්‍ය යෙදුමට පිවිසීම අවහිර කිරීමට එරට අධිකරණය විසින් තීරණය කල අතර එම සමාජ මාධ්‍ය යෙදුම අවහිර කිරීමට Deep Packet Inspection නොහොත් DPI තාක්ෂනය භාවිතා කරත් ඔවුන්හට එම සමාජ මාධ්‍ය යෙදුම අවහිර කිරීමට හැකියාවක් නොලැබුණු අතර එහෙත් ඔවුන් විසින් DPI තාක්ෂනය භාවිතා කිරීමේ ප්‍රතිපලයක් ලෙස එරට අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වූ Amazon, Google වැනි සේවාවන් හා වෙනත් අන්තර්ජාලය සම්බන්ධ සේවාවන් රැසක සේවා අඩාල වීමක් සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කර තිබූ දිනවල අන්තර්ජාලය මන්දගාමී ස්වරූපයක් ගැනීමට අමතරම අන්තර්ජාල සබදතා හරහා විකාශය වන අන්තර්ජාල රූපවාහිනී ලෙස හදුන්වන PEO TV එම දිනවල අඩපණ වීම පිලිබදව එම සේවය ලබාගන්නා ග්‍රාහකයින් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා සිදුකර තිබූ මැසිවිලි නැගීම් පදනම්කොට ගනිමින් DPI භාවිතය අන්තර්ජාල රූපවාහිනී සම්බන්ධතා වලටද බලපෑ බව නිගමනයකට එලබිය හැකිය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
gossip lanka