gossip lanka

ජනපතිගේ හා ඇමතිගේ නම විකුණා කාන්තාවක් ජනතාව රවටයි

ජනාධිපතිවරයාගේ සහ නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝගයක් බව පවසා ජනතාව නොමඟ යවමින් දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමට ඇතුළු වී ඉදිකිරීමක් සිදු කරමින් සිටි කාන්තාවක් සැකපිට පොලිස් භාරයට ගත් බව දඹුල්ල පොලිසිය පැවසීය.

මෙම කාන්තාව එම ස්ථානයට වැලි ගල් හා අනිකුත් උපකරණ රැගෙන පැමිණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සූදානම් වන අවස්ථාවේදී දඹුල්ල පොලීසිය මැදිහත් වී එම කටයුතු නවතා සැකකාර කාන්තාව පොලිස් භාරයට ගෙන ඇත.
gossip lanka