gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පහ ශිෂ්‍යත්වයේ වාසි අවාසි මනියි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට වාසි දෙකක් ලැබෙන විට අවාසි අටක් අත්වන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පී.එම්. විජේවර්ධන අවධාරණය කරයි.

ඒ අනුව ජනප්‍රිය පාසලක් තෝරා ගැනීම සහ ශිෂ්‍යත්ව ආධාර ලබා ගැනීම ඔවුන්ට ලැබෙන වාසි වේ.
අධික මානසික ආතතිය නිසා මොළයට හානි සිදුවන බව පවසන ඒ මහතා දරුවාගේ බුද්ධි වර්ධනය හීනවීම, පෞරුෂත්වය දුර්වලවීම, ශාරීරික ආබාධ, සමාජීය ගැටලු, ආර්ථික ප්‍රශ්න, සාරධර්ම පිරිහීම, ළමා කාලය අහිමි කිරීම පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවාට සිදුවන හානි වශයෙන් පෙන්වා දෙයි.

වර්තමාන ශිෂ්‍යත්ව විභාගයේ මූලික අරමුණු දෙකක් ඇති බව සඳහන් කරන වෛද්‍ය විජේවර්ධන, අඩු ආදායම්ලාභී දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමට වරම් ලබාදීම සහ ශිෂ්‍යත්ව ආධාර ලබාදීම බව පෙන්වා දෙයි. ගම්බද පාසලක දරුවකුට නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළුවීමට ඇති එකම ක්‍රමය මෙය විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

වර්තමානයේ අවශ්‍යතාවන් නොමැති දරුවන්ටද ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කිරීම නිසා එයට පෙනී සිටීමට සිදුවී ඇත. මේ විභාගය තුළ ඇති වන අධික තරගකාරී රටාව නිසා සියලුම දරුවන් තමන්ගේ සුන්දර ළමා කාලය එයට කැපකිරීම නිසා විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවී ඇති බව හෙතෙම පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා වර්තමානය වන විට ඒ තුළින් දරුවන්ට සිදු වී ඇති බලපෑම් සම්බන්ධව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් දැනුවත් කිරීමටද වෛද්‍ය ජයතිලක පියවර ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka