gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුක්තිය ඉල්ලූ දැරිය වෙනුවෙන් අම්පාර දිසාපති ඉදිරියට එයි - (video)

තමන් පදිංචිව සිටින ඉඩම නිරවුල් කර ආබාධිත පියා සහ මව සමඟ නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසාදෙන ලෙස ඉල්ලා වයස අවුරුදු 14 ක දැරියක් අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල ඊයේ (01) විරෝධතාවයක් ආරම්භ කළාය.

‘ජනාධිපතිතුමනි රටේ නීතිය සැමට සමානද ?’ යැයි සඳහන්  පුවරුවක් ද අතැතිව මෙම දැරිය හැඬු කඳුලින් යුතුව මෙම විරෝධතාව පළකරයි.
අම්පාර නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියල්ලම පැමිණ මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. මෙම දැරියගේ පියා ආබාධිත සෙබෙලෙකි. 

මව පියා සහ මෙම දියණිය අම්පාර පොලිස් විශේෂ කාර්ය බළකාය අසල නිවසක් හදාගෙන ජීවත්වු අතර මෙම ඉඩම වනජීවි කලාපයේ පවතින බව පවසමින් වනජීවී දෙපාර්මේන්තුව මගින් නඩු පවරා මෙම ඉඩමින් මෙම පිරිස නෙරපනු ලැබිණි.
වනජීවි දෙපාර්මේන්තුව විසින් මෙම පවුල පාරට ඇද දැමනු ලැබුවද මෙම කලාපයේ නිවාස 700 ක් පමණ ඉදිකර තිබෙන අතර ඒ අතර අම්පාර මානසික රෝහල, අම්පාර පොලිස් විශේෂ කාර්යය බළකාය,අම්පාර නගර සභාව මෙම සජීවි කලාපය තුළ පිහිටා තිබේ.

මෙම දරු පවුල අසරණ වු පසුව එම ඉඩමට යාබද ඉඩමේ සිටි විශ්‍රාමලත් ග්‍රාම නිළධාරිවරයකු විසින්  තමන් සිටින ඉඩමෙන් කොටසක් මෙම අසරණ පවුල වෙත ලබාදි තිබේ.

අධිකරණ නියෝග කඩ කළ බව පවසා අම්පාර වනජීවි නිළධාරීන් විසින් මෙම පවුලේ කාන්තවට අම්පාර පොලිසියේ පැමිණිල්ලක් කරන ලදී.

පළමු වැනි නඩු වාරයේදීම ඇයට දින 7ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවූවාය. මෙම දින කිපය තුළ ආබාධිත පියා විසින් මෙම දැරිය ඉතා අපහසුවෙන් බලාගෙන තිබේ.

මෙම පිරිස පදිංචී වි සිටි නිවසින් ඉවත් කළ පසු අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයක් අනුව මෙම  පිරිසට  එම ස්ථානයෙන්  රැඳී සිටින ලෙසට තීරණයක් ලබාදී තිබියදීත් වනජීවි නිළධාරින් විසින් මෙම අහිංසක දරු පවුලට විරුද්ධව ආකාරුණික ලෙස කටයුතු කර තිබෙන බව අම්පාර නගර සභාපති චමින්ද සුගත් මහතා පැවසීය.

පසුව අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් තක්ෂිලා ගුණරත්න මහත්මිය එම ස්ථානයට පැමිණ අම්පාර දිසාපති කාර්යාලය වෙත මෙම දැරිය රැගෙන ගියාය. දිසාපති කාර්යාලයේ දී මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරිමෙන් පසුව අම්පාර දිසාපති ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතා පැවසුවේ මීළඟ නඩු වාරයේ දී දැරිය වෙනුවෙන් පවතින තත්ත්වය පැහැදිලි කිරිම සඳහා තමන් අධිකරණයට ඉදිරිපත් වන බවයි. ඒ සම්බන්ධයෙන් මෙම නඩුවට පෙනී සිටින නීතිඥවරයාට දැන්වීමට අම්පාර දිසාපති බණ්ඩාරනායක මහතා පියවර ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka