gossip lanka

මෑත ඉතිහාසයේ අඩුම උෂ්ණත්වය නුවරඑළියෙන්

මෑත ඉතිහාසයේ රාත්‍රියේ අඩුම උෂ්ණත්වය ඊයේ (20දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ.

මේ අනුව එම කාලය තුළ නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක අඩුවීමක් ලෙස වාර්තාවන වන අතර, අඩුම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබෙන්නේ 1914 වසරේ ජූලි 30 වැනිදා වන අතර එදින නුවරඑළියේ උෂ්ණත්වය -3.7 අගයක් ගෙන තිබෙන බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ මාසය අවසන් වනතුරු දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට වියළිකාලගුණයක් පැවැතිය හැකි බවත්, උදෑසන කාලයේ ශීත දේශගුණ තත්ත්වයක් ඉදිරි දින 07 පුරාම පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් මේ මස 23 වන දින සිට උදෑසන කාලයේ පවතින ශීත දේශගුණික තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.

මේ මස 24 වන දිනෙන් පසු දකුණු හා සබරගමුව, නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට සවස්කාලයේදී  සිහින් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද පවසා සිටියේය.

ලංකාවට ඉහළින් වලාකුළුවලින් තොර අහසක් පැවතීම හා සුළං ඉන්දියානු උප මහද්වීපය හරහා පැමිණීම නිසා මෙම ශීත දේශගුණික තත්ත්වය ඇතිවී තිබෙන බවද ජනක කුමාර මහතා සඳහන් කළේය.

සමහර ප්‍ර‘දේශවලට රාත්‍රී කාලයේ ශීත දේශගුණික තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, අද (21දා) දිනයේදී නැගෙනහිර පළාත තුළත්, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව අද (21දා) උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 33.2ක ප්‍රමාණය හම්බන්තොටින් වාර්තා වී තිබෙන අතර, එය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 03ක ඉහළ යාමකි.

එහෙත් බදුල්ල, රත්නපුර ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3කින් හා ගාල්ල, කටුගස්තොට, පුත්තලම ප්‍ර‘දේශවල සෙල්සියස් අංශක 2කින්ද අඩු වී තිබේ.
gossip lanka