කොළඹ හිඟන්නෝ ඉවත්කරන බව අසාද් කියයි !

කොළඹ නගරයේ සිටින යාචකයින් ඉවත් කිරිමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඔහු පවසන්නේ කොළඹ නගරයේ ජිවත්වන ජනතාවට මෙමගින් විශාල ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ බව පැවසීය.