gossip lanka

පොහොට්ටුවට ගිය ශ්‍රීලනිප පිරිස ගැන දයාසිරිගෙන් සාක්‍ෂි

තම පක්‍ෂයේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වූ බවට පැහැදිලි සාක්‍ෂි ඇතැයි ශ්‍රීලනිප වත්මන් මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ගේ අරමුණ කුමක් දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් තේරුම්ගත යුතු බවයි.
දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (02) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමිනි.
gossip lanka