gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CID - කුමාර්ගේ නිල ඇඳුම කුඩු නෝනාගේ නිවසේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ ජාඇළ ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ සෝදිසියකදී රුපියල් ලක්ෂ 12 ක් වටිනා මත්කුඩු ග්‍රෑම් අසූවක් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිල ඇඳුම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හමුවන අවස්ථාවේ ‘කුමාර් සේකර ජී 31118’ දරන පොලිස් අංක තහඩුවද එම නිලඇඳුමේ කමිස සාක්කුවේ ඉහළින් අමුණා තිබී ඇත.


මෙම පොලිස් නිල ඇඳුම පිළිබඳව අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී එය අයිති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන අතර ඔහු තම නිවසට යන එන අයකු බව ඇය පොලිසියට පවසා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පසුව අත්අඩංගුවට ගත් කාන්තාව සහ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා එම නිවසේ තිබී සොයාගත් මත්කුඩු තොගය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයාට අයත් නිල ඇඳුමද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් මෙම පොලිස් සැරයන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිට ඇති බවද හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජකාරි කිරීමේදී සාමාන්‍යයෙන් නිල ඇඳුම භාවිත නොකර සිවිල් ඇඳුමින් සැරසී සිටින බැවින් අදාළ පොලිස් සැරයන්වරයා අංක තහඩුවද සහිත සිය පොලිස් නිල ඇඳුම මෙසේ මත්කුඩු ජාවාරම්කාරියකගේ නිවසේ තබා තිබුණේ ඔහු පොලිස් නිල ඇඳුමින් සැරසී මත්කුඩු ප්‍රවාහනයේ යෙදීම නිසාදැයි මේ වන විට පොලිසියට ප්‍රබල සැකයක් මතුවී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය මගින් සිදු කළ මෙම වැටලීම පිළිබඳ සියලු තොරතුරු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා සම්බන්ධවද අධිකරණයට කරුණු වාර්තා කිරීමට මත්ද්‍රව්‍ය නාහක කාර්යාංශය ඊයේ (03 වැනිදා) කටයුතු කළ බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka