gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්බද්දට අමතරව හඳුන්වා දුන් කාබන් බද්ද අය කරන්නේ මෙහෙමයි..! මේ වසරට විතරක් වාහන හිමියන්ට සහනයක්

රජය විසින් හඳුන්වා හඳුන්වා දුන් නව කාබන් බද්ද මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර එය නොගෙවන වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරනවා.
කෙසේ නමුත් ලබන වසරේ සිට ඊට අදාල නීතිය ක්‍රියාත්මක වන බවත් එහිදී මේ වසරට අදාළ කාබන් බද්ද ලබන වසරේදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී ගෙවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා. මෙම කාබන් බද්ද  දුම්බද්දට අමතරව අයකරන එකක් බවත් එය හදුන්වා දෙන වසර නිසා මෙම සහනය ලබාදෙන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා නව කාබන් බද්ද ගෙවීමට සිදුවන අතර නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ.

වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka