gossip lanka

ප්‍රභූ ආරක්ෂයන් 2කට අයුතු උසස්වීම් දීලා !

ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යොදවා සිටින පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නීති විරෝධී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු ලබාදී ඇතැයි පොලිස් නිලධාරීහු චෝදනා කරති.

මෙසේ උසස්වීම් ලබාදී ඇති බවට චෝදනා එල්ලවී ඇති එක් නිලධාරියකුවන්නේ පොලිස්පතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස
කටයුතු කරනු ලබන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනය. අනෙක් නිලධාරියා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ සිටින පොලිස් පරීක්ෂක අශෝකය.

මොවුන්ගේ උසස්වීම් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හමුව ඇත්තේ පසුගිය 15 වැනිදා බව පැවසේ.

කෙසේවුවද, මොවුන්ට උසස්වීම් ලබාදෙන ලෙස නිර්දේශ යවා ඇත්තේ පසුගිය සැප්තැම්බර් 25 වැනිදා බවද වාර්තා වේ.

මීට අමතරව සැරයන්වරුන් පස්දෙනෙකුටද කිසිදු ක්‍රමවේදයක් නොමැතිව උපපොලිස් පරීක්ෂක තනතුරු පිරිනමා තිබෙන බවත්, මෙම උසස්වීම් සියල්ලම විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් යටතේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවත් පොලිස් නිලධාරිහු කියති.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කරන්නේ අදාළ උසස්වීම් 07 නිවැරදි ක්‍රමවේදයකට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ සිදුකර තිබෙන බවයි.

gossip lanka