gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව හෙටට කල් යයි

පාර්ලිමේන්තුව හෙට (19) පස්වරු 01 දක්වා කල් තබා තිබේ.‍

සභා නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

අද පස්වරු 1 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තුව ආරම්භ විය.

එහිදී විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කෙරිණි.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පත් කරන බව කථානායකවරයා දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරණායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහය පල කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බව සඳහන් කළේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සභානායක ධුරය සඳහා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබුණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට තීරණය කළ බව ද කථානායකවරයා විසින් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විටත් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය පැවැත්වෙයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka