gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති දිවුරුම් දීමේ අවස්ථාව ජනමාධ්‍යට වාරණය හෙළා දකී..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙ දී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම සම්බන්ධයෙන්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි විරෝධය පළ කරයි.

අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉහළ ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සමාජයේ සියලු පුරවැසියන් සතු අයිතියකි. එය මෙරට පමණක් නොව ජාත්‍යයන්තර ප්‍රජාව ගේ ද අවධානයට යොමු වන පුවතකි. එසේ තිබියදි මෙම අවස්ථාව දෙස් විදෙස් ජනමාධ්‍යයට වාරණය කිරීම අප  දකින්නේ ප්‍රජාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහි විමේ පියවරක් ලෙසය.

එම පසුබිම යටතේ මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම තොරතුරු දැන ගැනිමේ අයිතියට ද එල්ල කළ බාධාවක් ලෙස සලකමින්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පියවර දැඩිව හෙළා දකියි.

සී.දොඩාවත්ත
කැඳවුම්කරු



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka