gossip lanka

ආහාර පිළිගැන්වීමේදී අතින් ඇල්ලුවොත් දැඩි ක්‍රියාමාර්ග

අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිත නොකර ආහාර පිළිගැන්වීම සිදු කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අද (10) ආරම්භ වන ජාතික ආහාර සුරක්ෂිතතා සතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ජේ. කේ. ජයසිංහ මේ බව ප‍්‍රකාශ කළා.

‘‘ආහාර සුරක්ෂිතව පිළිගන්වමු - අත් ආවරණ හෝ
සුදුසු උපකරණ භාවිත කරමු’’ යන්න මෙවර ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ තේමාවයි. ලබන 16 වැනිදා තෙක් මෙම ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ක‍්‍රියාත්මක වනවා.


gossip lanka