gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එස් එම් එස් මගින් සාමාන්‍ය පෙළ ලියූ අයදුම්කරුවෙක් අත්අඩංගුවට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (06) පැවති ඉංගී‍්‍රසි ප‍්‍රශ්න පත‍්‍රය සදහා පෙනී සිටීමට ජංගම දුරකතනයක් සඟවා ගෙන පැමිණි විභාග අයදුම්කරුවෙකු බලංගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ ජෙයිලාන විදුහලේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි පෞද්ගලික විභාග අයදුම්කරුවෙක්.

සැකකරු ජංගම දුරකතනයක් සිය පාද අතර
සගවාගෙන ඊට ලැබෙන එස් එම් එස් පණිවිඩ මගින් පිළිතුරු ලියමින් සිටියදී විභාග පරීක්‍ෂකවරයෙකු විසින් එය දැක ශාලාධිපතිවරයාට දන්වා තිබෙනවා.  ශාලාධිපතිවරයා පැමිණ සැකකාර විභාග අයදුම්කරු පරීක්‍ෂා කළ අවස්ථාවේදී එය තහවුරු කර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ.

ඒ පිළිබද බලංගොඩ පොලීසිය වෙත කෙරුණු දැනුම්දීමක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුගේ ජංගම දුරකතනයට එස් එම් එස්  මගින් පිළිතුරු ලබාදී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකු බව අනාවරණ වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මක බවයි බලංගොඩ පොලීසිය පැවසුවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka