gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ නගරාධිපති එජාප මන්ත්‍රිගේ නිවස ඉදිරිපිට යකා නටයි

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු 30 දෙනෙක්ට ආසන්න පිරිසක් කුරුණෑගල, මිගමුව පාරේ පිහිටි සිය නිවසට පැමිණ බැන තර්ජනය කොට කලහකාරී ලෙස හැසිරුනු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පොහොට්ටුවෙන් තරග වැදිලා නගරාධිපතිවූ තුෂාර සංජිව ඇතුළු පිරිස මගේ නිවස ඉදිරිපිට ඇවිත්
තර්ජනය කලා. " තාම ආණ්ඩුව අපේ වැඩිය දඟලන්න එපා යැයි" ප්‍රකාශ කරමින් මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙම සිදුවීම ඊයේ (03) රාත්‍රි 9.30ට පමණ සිදුව ඇති බවත් එම අවස්ථාවේදී තමන් කොළඹ සිටි බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ. සිදුවීම වන අවස්ථාවේ මන්ත්‍රිවරයාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් පමණක් නිවසේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka