එජාප ලොක්කන් විශේෂ සාකච්ඡාවක

අද දින පාර්ලිමේන්තුව තුළ කටයුතුකරන ආකාරය සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා වී තිබෙනවා.

මෙම සාකච්ඡා සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊයේ රාත්‍රියේ රැස් වී ඇති අතර එම සාකච්ඡා දීර්ඝ ලෙස සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ලෙස බල
කරමින් අද මහජන උද්ඝෝෂණයක් සංවිධාන කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළා