gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු නිසා දුක්වන අයට 'බදු අභියාචනා කොමිසම' නැවතත්

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත.

ඒ අනුව විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ , හිටපු විගණකාධිපති එස්.ස්වර්ණජෝති යන මහත්වරු එහි
සෙසු සමාජිකයෝ වෙති.

2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන යම් ආරවුලක් ඉක්මනින් විසඳා ගැනීමට අවස්ථාව හිමිවේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක් , ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධ දුක්ගැණවිල්ලක් තිබේ නම් ඒවා බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකිය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka