gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනාලයා මඟ: මනාලිය මඟුල් ඇඳුමින් පෙම්වතා තුරුළෙ

මනමාලයා මග එද්දී මංගල ඇඳුම පිටින්ම පැනගිය මනමාලිය ඇගේ පෙම්වතා සමග විවාහ වූ පුවතක් නගරයට ආසන්න ගමකින් වර්තාවේ. සිද්ධිය මෙසේය.

ඇය ගමේ සිටි රූමත් තරුණියකි. නගරයේ පාසලක අධ්‍යාපනය හැදෑරු ඇයට විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් නැතිවූ බැවින් රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ සිටියාය. පාසල් අවදියේ සිට ඇයට පෙම්වතෙක් සිටී.

නමුත් ඇගේ මාපියන් ඔහුට අකමැති වුණේ කුලයේ
පොඩි අඩුවක් නිසාය. එහෙත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ස්ථිර එකක් විය. කුමන බාධක ආවත් වෙනස් නොවන බවට ඔවුහු ගිවිසගෙන සිටියහ. මේ අතර ඇගේ මාපියන් මඟුල් කපුවෙකු මාර්ගයෙන් විවාහ යෝජනාවක් ගෙනාවේ ඇය පෙම්වතාගෙන් වෙනස් කර ගැනීම සඳහාය. ගෙවල් දොරවල් බැලීම ආදී චාරිත්‍ර වලින් පසු මංගල්‍යයට දින නියම විය.

මේ තොරතුරු සියල්ල පෙම්වතාට දන්වා ඔවුන්ගේ සැලැස්ම සූදානම් කෙරිණි. මඟුල් දිනයේ මනාලිය ඇන්දවීමට බාරගෙන තිබුණේ අසල නිවසක තරුණියකි. නියමිත වේලාවට එහි ගිය තරුණිය මංගල ඇඳුමින් සැරසී රහසේම හදිසි දුරකතන ඇමතුමක් ගත්තාය. තමාගේ අත්බෑගය ගැනීමට කියා පාරේ නවතා තිබූ මෝටර් රථය ළඟට ගියා පමණි.

වේගයෙන් එහි පැමිණි යතුරුපැදියට නැග ගත් ඇය අතුරුදන් විය. ඇය සමග පැමිණි යෙහෙළියෝ දෙදෙනා සිද්ධිය ඇගේ මාපියන්ට දැන්වූහ. මේ බව මගදීම ආරංචි වු නිසා මනමාලයා සහ පිරිස ආපසු ගියේ දෙස් දෙවොල් තබමින්ලු. ඉන්පසුව ගෙදරට ලැබුණු ඇමතුමකින් පැවසූයේ ඔවුන් විවාහ වූ බවත් යෝජිත මනමාලයා මධුවිතට ඇබ්බැහි වී ඇති නිසා තම පෙම්වතා ඇය බේරාගත් බවය. සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු සියලු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු වන අතර කපුවාට බඩපුරා බැණුම් ඇසීමට සිදු වූ බවත්ය.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka