gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බසයේදී නැන්දම්මා අසනීප වුණාම ලේලිලා දෙන්නා අහක බලාගෙන

වයෝවෘද්ධ නැන්දණිය වමනය කරමින් පීඩාවට පත්වූ අවස්ථාවේ ලේලියන් දෙන්නා අහක බලා සිටියදී බසයට ගොඩවූ රූමත් කාන්තාවක ඇගේ පිහිටට ආ අවස්ථාවක් පසුගිය සති අන්තයේ කොළඹ සිට අනුරාධපුර බලා යන බසයකදී දැක ගත හැකිවිය.


ඥාති නිවසක දානමය පිංකමකට සහභාගිවීමෙන් පසුව පස්වරු දෙකට පමණ කොළඹින් බසය පිටත් වෙද්දී
වයෝවෘද්ධ මව පුතා හා ලේලියන් දෙන්නා බසයට නැග ඇත.

මහලු මවට ඉදිරි ජනේලය අසල අසුනක් වාඩිවීමට ලැබී ඇත. බසය පිටත්වී ටික වේලාවකින් මහ වැස්සක් ඇද වැටෙද්දී මේ මාතාව පීඩාවට පත්වී වමනය කරන්නට පටන්ගෙන ඇත. ලේලියන් දෙන්නා මේ ගැන නොබලද්දී පුතා ඔහුට හැකි පමණින් මවට සහාය වෙමින් ගමන්කර තිබේ.

මේ අතර කුරුණෑගල රෝහලේ සේවය කරන රූමත් කාන්තාවක මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම බසයට නැග ඇත්තේ සේවයට යන අතරය. මේ මහලු මව පීඩාවට පත්ව සිටින බව දුටු ඇය මවගේ විස්තර අසමින් වමනය පිස දමා අස්වසමින් ගමන් කරන්නටවී ඇත. මගේ අම්මත් ඔයා වගේමයි කියමින් මවට සහනය ගෙන දුන් මේ කාන්තාව බසය වරකාපොල පසු කරද්දී කිසිවෙකුට දුරකතන ඇමතුමක්ගෙන පුතේ මම තව ටිකකින් එනවා කෝපි එකක් හදා තියන්නැයි පවසා ඇත.

අනතුරුව ඇය කුරුණෑගල හෝටලයක් අසලදී බසය ටික වේලාවකට නවතන ලෙස ඉල්ලීමක් කර ඇති අතර රියැදුරා ඊට එකඟවී ඇත. බසය හෝටලය අසල නවත්වද්දී ඇගේ පුතකු බව කියන තරුණයකු බිස්කට් සහ කෝපි රැගෙන බසයට ආ අවස්ථාවේ ඒවාගෙන මේ මහලු මවට ඒවායෙන් සංග්‍රහ කර බසයේ රියැදුරුටද ස්තුතිවන්තවී සේවය සඳහා යන බව කියා පිටව ගිය බව බසයේ සිටි අයකුගෙන් දැන ගන්නට ලැබිණි. අනතුරුව බසය පිටත් වුවත් වයෝවෘද්ධ මවගේ ලේලියන් දෙන්නා මේ කිසිවක් නොදැක්කාසේ ගමනෙහි යෙදුණු බව ද දැනගන්නට ලැබිණි.

- lankadeepa



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka