gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මළ ගෙදර කොළේ සිනා සයුරක් කරලා

වයඹ පළාතේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක ජීවත්වන ගැමි පවුලකි. මෙම පවුලෙහි තාත්තා, අම්මා, පුතා සහ පුතාගේ බිරිය සමඟ එකම නිවෙසක සියල්ලෝම  ජීවත්වෙති.


එකම නිවෙසක එකට ජීවත්වුවද මොවුහු පවුල් දෙකක් ලෙස තම ජීවන කටයුතු සිදු කරති. දිනක් අසල්වැසි නිවෙසක වයෝවෘද්ධ පුද්ගලයෙක් මරණයට පත්වූයේය. එහි සියලු_ වැඩයුතු කිරීමට සිදුවුයේ ගමේ මරණාධාර සමිතියටය.


මෙම මරණාධාර සමිතියේ සාමාජිකත්වය පවුල්
දෙකක් ලෙස මොවුන් ද ලබා ගෙන තිබුණි. මළ ගෙදර සියලු_ වැඩ කටයුතු මරණාධාර සමිතියේ නිලධාරියකු විසින් කොළයක ලියා දේහය තැන්පත් කර තිබු නිවෙසේ කාටත් පෙනෙන සේ බිත්තියක අලවා තිබුණි.


මළ ගෙදර අවසන් කටයුතු කිරීමට පෙර දිනයේ රාත්‍රියේ මාමණ්ඩි සහ ලේලිය මළ ගෙදර තිබූ නිවෙස වෙත යන්නේ තමන්ට පවරා ඇති කාර්යයන් බලා පෙර සුදානම් වීමට ඇති නිසාවෙනි.


අවසන් කටයුතු කිරීමට පෙර දිනය වු බැවින් විශාල පිරිසක් අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතරම ඒ ගැන වැඩි තැකීමක් නොකරම මාමණ්ඩිය කොළය කීයවීය.


එම කොළයෙහි වැරැදීමකින් ඔහුට ඉවීමේ කටයුතුත්, ලේලියට වළ කැපීමේ කටයුතුත් පවරා තිබුණි. එය කියවු ඔහු ඉතා උස් හඬින් මෙසේ කීය “මහත්තයෝ මගේ නම කපලා වළට දාන්න. දුවගේ නම කපලා උයන්න දාන්න” යැයි කීවේ මළ ගෙදර සිටි කාගෙත් මුවඟට සිනහා ගන්වමිනි.

-lankadeepa.lk
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka