gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එළුමස් වෙනුවට බලුමස් බුරියානි

ඉන්දියාවේ චෙන්නායි නුවරදී 17 දා සවස බලූ‍ මස් කිලෝ ග‍්‍රෑම් දහසක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු යාපනයේ කරවෙඩ් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු හෙළිවී තිබේ.

මේ දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර ජායිපූර් දුම්රිය ස්ථානය අසලදීය.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා
අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ තමන් සේවය කරන ආපනශාලාවේ එළු මස් බුරියානි සඳහා එළු මස් රැගෙන යන බවයි.

පොලිසිය දිගින් දිගටම කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් රැගෙන යන්නේ බලූ‍ මස් බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ළඟ බලු මස් කිලෝග‍්‍රෑම් 150ක් තිබී ඇත.

දෙදෙනා සේවය කරන ආපනශාලාව පරීක්ෂා කිරීමේදී ශීතකරණවල දමා තිබූ තවත් බලූ‍මස් කිලෝ 850 ක් පොලිසියට හමුවී තිබේ.

ඉන්දියාවේ රාජස්ථාන් පළාතෙ ‘එළු මස් බුරියානි’ නමින්ම පවත්වා ගෙන යන ආපනශාලාවක එළුමස් බව පවසමින් බලු මස් යොදාගෙන කාලයක සිට මේ ජාවාරම කරගෙන යන බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

බලුමස් සමග අත්අඩංගුවට ගත් සේවකයින් දෙදෙනා එක් ස්ථානයකින් බලු මස් රැගෙන දුම්රියෙන් අදාළ ආපනශාලාව වෙත මස් ප‍්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී කොටු වී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka