gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිලන් රථයක් බස් රථයේ ගැටී හොරණදී සිදු වූ දරුණු අනතුර - Video & Photos

බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන හන්දිය ආසන්නයේ දී ගිලන් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හොරණ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිලන් රථයක්.

අනතුරින් එම අවස්ථාවේ ගිලන් රථයේ රියදුරු එහි සිරවූ අතර ඔහු ඉන් පිටතට ගැනීම සඳහා
ප්‍රදේශවාසීන් කඩිනමින් එක්ව මහත් පරිශ්‍රමයක් දරනවා.

පසුව වෑන් රථයේ රියදුරා ඉන් ඉවතට ගැනීමට සමත්වන අතර එහි සිටි අයෙකු කළ දැනුම්දීමකට අනුව කඩිනමින් එහි පැමිණි හොරණ ගිනි නිවීමේ ඒකකයේ වෙනත් රථයකින් ඔහුව රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.

හිසට සිදුවූ තුවාල හේතුවෙන් හොරණ රෝහලේ සිට එම රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

හොරණ පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේ ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන පහතින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka