gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැණි බීම සහ බිස්කට්වලට රජයෙන් සහන - මිල අඩු කිරීමට හැකි බව සමාගම් කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දේශීය ආයෝජකයින් සමඟ පැවැති සාකච්ඡාවේ දී දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරන බව පෙන්වා දී තිබෙනවා.

පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් හමුවේ අගමැතිවරයා මේ බව සඳහන් කර
තිබෙනවා.

මෙහිදී වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේ දී භාවිතා කරන සීනි සඳහා බද්ද අඩු කරන ලෙස  අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06 දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09 දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

තවද පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් දී තිබෙනවා.
එසේ හෙයින් වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම්වල නියෝජිතයින් මෙහිදී හෙළි කර තිබෙනවා.

එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අගමැතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka