gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇල්ජීරියාවෙන් අලුත් තෙලක් : මොටර් රථ අනතුරක !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පළමුවරට ඇල්ජිරියාවෙන් බොර තෙල් මිලදී ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

පළමු බොරතෙල් තොගය ලබන පෙබරවාරියේ මෙරටට ගෙන්වීමට නියමිත අතර එම සැපයුම ලබන සැප්තැම්බරය දක්වාම ලැබෙන බව
වාර්තා වේ.

ඒ අනුව Saharan Blend වර්ගයේ තෙල් බැරල් මිලියන 2.1 ක් මිලදී ගැනීමට නියමිත අතර එය බැරල් 700,000 බැගින් අවස්ථා තුනකදී ලබන සැප්තැම්බරය දක්වා ලංකාවට පැමිණීමට නියමිතය.

මේ බොර තෙල් පිරිපහදු කිරීම දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු උපකරණවලින් කිරීම තරමක් අපහසු බවත්, ඒ සඳහා නව උපකරණ අවශ්‍යව ඇති බව ඛනිජ තෙල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ තත්ත්වය හේතුවෙන් ඇල්ජිරියානු බොර තෙල් වලින් ලබාගන්නා පෙට්‍රල්වලින් මෝටර් රථවලට හානි සිදුවිය හැකි බවට සැක මතුව අතැයි ද මේ අතර වාර්තා වේ.

ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සම්බාධක පැනවීමෙන් නිසා ඉරාන බොරතෙල් ආනයනය නවතා දැමීමට තීරණය කිරීම මේ ගැටලුවට හේතුව වී තිබේ.

සපුගස්කන්ද පිරිපහදුව මගින් දිනකට ඉරාන බොර තෙල් බැරල් 50,000ක් පිරිපහදුවට ලක්කරන බවද පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka