gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින කිහිපය තුළ පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මෙම තත්වය හේතුවෙන් නව දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන් වී තිබේ.

පීඩාවට පත් ජනතාව අතරින් පවුල් 1,348කට අයත්
5,834ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 21ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මිය ගිය පුද්ගලයින් අතුරින් හය දෙනෙකුම මියගොස් ඇත්තේ දියේ ගිලීම් හේතුවෙනි.

දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකට බලපෑ තද වැසි හා සුළං හේතුවෙන් ඇති වූ ගං වතුර, පස් කඳු කඩාවැටීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මෙම පිරිස පීඩාව ඇති වී තිබේ.

ඇති වූ ගංවතුර හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුව තිබේ.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්ට බවද කොඩිප්පිලි මහතා පවසයි.

සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ 19 දෙනෙකු රෝහල්ගත කර සිටින බව ද ඔහු සඳහන් කරයි.

කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 4,510කට අයත් 17,945 දෙනෙක්ද ගාල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 2,636කට අයත් 9,987 දෙනෙක්ද කොළඹ දිස්ත‍්‍රික්කයේ පවුල් 4,069කට අයත් 16,520 දෙනෙක්ද මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම තද වැසි, සුළං, පස් කඳු කඩාවැටීම් හා ජලගැලීම් හේතුවෙන් නිවාස 35ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,668කට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 239කට අර්ධ හානි සිදුව තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka