gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ(17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය
වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත‍්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත‍්‍රශීලි සහ සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සතුට පළ කළේය.

සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka