gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෘහස්ත විදුලි උපකරණ වල මිල ඉහළට

ගෘහස්ත විදුලි උපකරණ වල මිල ගණන් වල මිල 20% කින් පමණ ඉහළ යනු ඇති බව කොළඹ විදුලි උපකරණ ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා. ඒ පසුගියදා මුදල් අමාත්‍යාංශය පනවනු ලැබූ නව කොන්දේසි හේතුවෙන් බවයි එම සංගමය සදහන් කරන්නේ.

මේ වන විටත් වෙළදපලේ තිබෙන ගෘහස්ත උපකරණ වෙළදාමේ යම් පසුබෑමක් දක්නට ලැබෙන
බවත් ඉදිරියේදී ආනයනය කරනු ලබන නව භාණ්ඩ වල මිල ගණන් මේ අනුව ඉහළ යනු ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සදහන් කරන්නේ.

" වර්තමානයේ අමෙරිකානු ඩොලරය ඉහළ යාම නිසා ආනයනය කරනු ලැබූ විදුලි උපකරණ වල මිල වැඩිවී තිබෙනවා. නමුත් මුදල් අමාත්‍යාංශය විසින් නව කොන්දේසියක් හදුන්වාදී තිබෙනවා. එහිදී අපි ආනයනය කරනු ලබන විදුලි භාණ්ඩවල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තැබීම අනිවාර්ය කර තිබෙනවා. තොග වශයෙන් විදුලි උපකරණ ආනයනය කරන සමාගම් වගේම පුද්ගලයින් මෙහිදී මුහුණ දෙන ගැටලුව සුළුපටු නැහැ. එක් පැත්තකින් ඩොලරයේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසයි අපිට වත්මන් මිලට සාපේක්ෂව 20% කින් ගෘහස්ත විදුලි උපකරණ වල මිල ඉහළ දමන්නට සිදුවන්නේ" එම ප්‍රකාශකයා සදහන් කර සිටියා.

මේ අනුව රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ, වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි පංකා, විදුලි කේතල් ආදී ගෘහස්ත විදුලි භාණ්ඩ වල මිල ගණන් මේ මස අවසානයේ සිට වෙනස් වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka