gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටිපර් මාරයා තාත්තයි දරුවන් 3යි බිලිගනී - (video)

දෙහිඅත්තකණ්ඩියේ සඳුන්පුර ළිහිණියාගම මාර්ගයේදී උත්තලපුර විහාරස්ථානය ආසන්නයේ පෙරේදා (14දා) සවස 6.00ට පමණ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනකු මිය ගොස් ඇත.

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන මව මේ වනවිට අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අංක 82, උත්තලපුර පදිංචි එකම පවුලේ පස්දෙනකු යතුරුපැදියක නැඟී සවස 6.00ට පමණ ළිහිණියාගම සිට සඳුන්පුර දෙසට යද්දී සඳුන්පුර සිට
ළිහිණියාගම බලා ධාවනය වූ ටිපර් රථයක යතුරුපැදිය ගැටීම නිසා මෙම රිය අනතුර සිදු වී ඇත.

එකම පවුලේ දරුවන් තිදෙනා හා පියා මේ වනවිට මියගොස් ඇත. මව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
පෙරේදා (14දා) සවස් කාලයේ මෙම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇදහැලිණි.

මිය ගිය පුද්ගලයන් වනුයේ ආර්.එම්. නාමල් ප්‍රියන්ත අවුරුදු (37) (පියා), ආර්.එම්. කවිදු අවුරුදු (14) (පුතා), ආර්.එම්. සසිඳු අවුරුදු (9) (පුතා), ආර්.එම්. පවන් අවුරුදු (4) (පුතා) යන අය මියගොස් ඇත.
එස්.එම්.පී. උදයංගනී අවුරුදු (36) මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ටිපර් රථය පැදවූ රියැදුරු ඒ.එම්.ඒ. තුෂාර බණ්ඩාර (25) නමැත්තා බීමතින් සිට ඇතැයි පොලිසිය පවසයි.

මොහුට රියැදුරු බලපත්‍රයක්ද තිබී නැති බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

අනතුර සිදුකළ කැන්ටර් රථය ධාවනය කළ ඒ.එම්.ඒ. තුෂාර බණ්ඩාර රඹුක්වැල්ල හා ඩබ්.එම්. සමන් යන දෙදෙනාම රිය අනතුර සිදු වූ අවස්ථාවේ පැනගොස් රාත්‍රි දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාර වී තිබේ.
මියගිය නාමල් ප්‍රියන්ත යන අයට කැන්ටර් රථයේ අයිතිකරු වන ඩබ්.එම්. සමන්ගෙන් රුපියල් ලක්ෂ 06 මුදලක් ලැබීමට ඇති බවත්, ඒ සඳහා නාමල් ප්‍රියන්ත හා සමන් අතර නිතරම ආරවුල් ඇති වී ඇති අතර මෙම මුදල් නඩුව 15 වැනි දින දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට නියමිතව තිබිණි.

මහඔය සහකාර පොලිස් අධිකාරි සූරියබණ්ඩාර, රථ වාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද රාජපතිරණ, පොලිස් සැරයන් චන්දන (54319), පොලිස් කොස්තාපල් වන අමිල (68250), උපුල් (37036), සංජීව (82520) යන මහත්වරු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka