gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කුණු ප්‍රශ්නය අද විසඳෙන ලකුණු (video)

කොළඹ මහ නගර සීමාවේ කැළි කසළ ප්‍රශ්නය අද (08) දිනයේ විසඳෙනු ඇතැයි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ මහනගර සභාව විසින් ගෙවිය යුතු හිඟ මුදලෙන් අඩක් ගෙවා දැමීමට හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණියහොත් කොළඹ කසළ බාරගැනීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය
කිරීමේ සංස්ථාව බලාපොරොත්තු වන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අත්තනෝමතික ලෙස කසල භාර නොගැනීම නිසා මෙම තත්වය උද්ගතවී ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිදුකළ චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කිරීම මෙතෙක් පැවති ක්‍රමවේදය වූ අතර හිඟ මුදල් නොගෙවී‍ම හේතුවෙන් ඔවුන් කසල බාර ගැනීම නවතා දමා තිබුණි.

ඒ අනුව කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවලපිටිය කසල අංගනයට පිවිසෙන මාර්ගය දෙපස ඊයේ දිනයේත් නවතා තිබෙන අයුරු දක්නට ලැබුණි.

මේ තත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක අද දිනයේත් කැලි කසල එක් රැස්ව තිබෙනු දක්නට ඇත.

වීඩියෝ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka