gossip lanka

එළඹෙන සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

ඔක්තෝම්බර් 07 සිට 14 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ
සිතේ සතුට ඇතිවේ

ලග්නාධිපති කුජ තවදුරටත් කේතු සමඟ දසවැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. සතුරු කරදර බාධ ඇතත්
ඒවා මැඩ පවත්වා ගනී. සිතේ සමාදානය සතුට ඇති කරයි. රැකියා සහ වෘත්තීය කටයුතුවල දියුණුවක් ලබා ගනී. සම්මුඛ පරීක්ෂණාදියට ඉඩ සැලසේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. කරගෙන යන කටයුතු යහපත්ය. ගෙදරදොර කටයුතුවල දී සුළු සුළු බාධා ඇතත් සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි.
ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

කටක
මිශ්‍රපලයි

යෝගකාරක කුජ කේතු 7 වැන්නේ ගමන් කරයි. ගුරු 4 ගෝචරය වේ. මෙම කාල සීමාව තුළ ආදායම් තත්ත්වය ඉතාමත් පහළ බසී. වියදම් පාලනය කර ගැනීම අසීරුය. වේ. ණයතුරුස් වීමේ ඉඩක් ද පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ද කල්පනාවෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණවලට ලක් විය හැක. බාධා අවහිරතා සහිතයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට එතරම් ලාභ නොලැබේ. කෙටි ගමන් බහුලයි.
ජය වර්ණය - ක්‍රීම්, අංකය - 02, දිනය - සඳුදා

තුලා
මිශ්‍රපලයි

ලග්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රව මාලවී යෝගයෙන් ද ගුරු බුධ සමඟ ලග්නයේම සිටිය දී සතිය ආරම්භ වේ. ආදායම් මාර්ග හොඳින් විවර වේ. කරගෙන යන කටයුතුවල කිසියම් දියුණුවක් උදා කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහෙයන් සාර්ථකප්‍රතිඵල ලැබිය හැක. රැකීරක්ෂා අංශවල සැලකිය යුතු මට්ටමේ දියුණුවක් ලබයි. වෘත්තීය අංශවල දී යම් යම් බාධා අවහිරතාවන්ට ඉඩ පෙන්වයි. සුළු සුළු ගමන්බිමන් අධිකයි. අනතුරු පීඩා තුවාලවලට ඉඩ පවතී.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

මකර
බාධා මැද දියුණුව

ලග්නාධිපති ශනි 12 ද කුජ උච්චව කේතු සමඟ ලග්නයේ ද ගමන් ගනී. මෙම කාල සීමාවේදී ඔබගේ කටයුතුවල කිසියම් කලබලකාරී ස්වභාවයක් ගෙන දේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතු කළ යුතුයි. නොඑසේ නම් බාධා අවහිරතාවලට ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. ආර්ථික වාසි උදා කරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. රුධිර පීඩනය, මලබද්ධය, මූත්‍රා රෝගාදියෙන් ද පරෙස්සම් වන්න.
ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා

වෘෂභ
මිශ්‍රපලයි

ලග්නාධිපති සිකුරු, ගුරු හයවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. සෙනසුරු යෝගකාරකයා වී අටවැන්නේ ගමන් කරයි. මෙම කාල සීමාව තුළ මිශ්රපලදායක වනු ඇත. සිතට දුක් කරදර සිත්තැවිලි යනාදියට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු සාමාන්ය අන්දමට සිද්ධ වේ. දරවුන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ප්‍රේම සම්බන්ධතා ඇති කළත් ස්ත්‍රී පක්ෂයෙන් බාධා එල්ල වනු ඇත.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

සිංහ
හිතවතුන්ගේ ආධාරය ලැබේ

ලග්නාධිපති රවි දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. තමාගේ කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිමෙන් සිය කටයුතු සාර්ථක කරගනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උපකාරය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථික සහ මූල්යමය වශයෙන් ද ශුභයි. විවිධ අංශයන්ට යොමුවීමෙන් ආදායම් මාර්ග විවර වේ. සහෝදර සහෝදරියන් තමා සොයාගෙන පැමිණේ. සැප පහසුවට කටයුතු සැලසේ. ජය
වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා

වෘශ්චික
බාධා සහිතයි

ලග්නාධිපති කුජ උච්චව තුන්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සුළු සුළු බාධා සහ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ තම කටයුතු කරගෙන යෑමට සිදු වේ. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහ ප්‍රධානීන්ගේ ආධාරය උපකාරය ලැබිමෙන් කටයුතු විටෙක ලෙහෙසියෙන් ද පහසුවෙන් ද කරගත හැක. මිල මුදල් ලැබීම අතින් ශුභදායකය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.
ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

කුම්භ
වෘත්තීය දියුණුව

ලග්නාධිපති ශනි අයස්ථානයේය. කුජ, කේතු 12 ද ගමන් ගනී. මෙම සතිය ඔබගේ කටයුතුවල දී යහපත් ප්‍රතිඵල දීමෙහි සමත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් අන්දමක දියුණුවක් ලැබිය හැක. අන්යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගත හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම් ලබයි. තුවාල, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවති.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සෙනසුරාදා

මිථුන
යහපත් සතියක්

ලග්නාධිපති බුධ, සිකුරු, ගුරු සමඟ පූර්ව පුණ්යස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. මෙම සතිය තුළ නැවතී තිබූ වැඩකටයුතු කිහිපයක් නැවත පටන් ගැනීමට ඉඩ ලැබේ. රැකීරක්ෂා වැඩකටයුතුවල දී උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්රතිඵලයක් ද ලබයි. සතුරු කරදර බාධා ඉස්මතු වුවත් ඒවා මැඬපවත්වාගෙන ක්රියා කළ හැක. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය වැඩි වේ. රාහු දෙවැන්නේ සිටීම නිසා මිල මුදල් ඉතිරිකර ගැනීම අසීරුයි. හිටි හැටියේ මතු කරන සිද්ධීන් තුළ වියදම් ඉහළ යයි.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා
බලාපොරොත්තු ඉටුවේ

ලග්නාධිපති බුධ, ගුරු, සිකුරු දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. සමාජයේ පිළිගැනීමට ලක් වේ. ඥානය වැඩිදියුණු වන අන්දමට කටයුතු යෙදේ. රසවත් කෑම බීම සංග්‍රහ ආදිය ලැබේ. බලාපොරොත්තු කිහිපයක් ඉටු වේ. ආදායම් ලැබීම අතින් ශුභදායකය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායකය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාද

ධනු
සමපලයි

ලග්නාධිපති ගුරු අයස්ථානයේ එහි අධිපති සිකුරු හා බුධ සමගයි. ශනි ලග්නයේ ගමන් කරයි. මෙම පිහිටීම මතඔබගේ කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ද සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම් අතින් අයහපත් නොවුව ද කුජ, කේතු දෙවැන්නේ සිටීමෙන් වියදම් ඉතා ඉහළ යයි. උගුර හා බෙල්ල ආශ්‍රිත රෝගාදියෙන් පරෙස්සම් වන්න.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

මීන
වියදමට සරිලන ආදායමක්

ලග්නාධිපති ගුරු අටේ ස්වක්ෂේත්‍රව සිකුරු සහ බුධ සමඟයි. මෙම කාලය තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා සහ ගැටලුකාරී තත්ත්වයන් උදා කරයි. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු වන නිසා කල්පනාකාරී විය යුතුයි. බුද්ධිමත් විය යුතුයි. ආර්ථික වශයෙන් එතරම් ශුභ නොවේ. කෙසේ වුවත් වියදමට සරිලන ආදායමක් උපයා ගනු ඇත.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


gossip lanka