gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බීමත් වෛද්‍යවරිය පොලිස් පරීක්ෂක එලොව යවා රෝහල්ගත වෙයි

වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් හා පොලිස් පරීක්‍ෂකවරයකු ගමන් ගත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්‍ෂකවරයා (අයි. පී.) මරුමුවට පත්ව තිබේ.

බොරලැස්ගමුව වික‍්‍රමරත්න මාවත ප‍්‍රදේශයේදී ඊයේ (30 දා) අලුයම 12.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ
හා දරුවන් දෙදෙනාද තුවාල ලබා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මියගොස්‌ ඇත්තේ බම්බලපිටිය පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කරමින් සිටි බොරලැස්‌ගමුව, වැව පාරේ පදිංචිව සිටි ගමගේ අජන්ත ගාමිණී නමැති 51 හැවිරිදි පොලිස්‌ පරීක්‍ෂකවරයෙකි.

මොහු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ බොක්‌සිං උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටින මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ බිරිඳගේ හා අවුරුදු 21 හා අවුරුදු 5 යන වයස්‌වල පසුවන දරුවන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ කියා සිටියේය.

අනතුර සම්බන්ධයෙන් ටිරානි කාවින්ද්‍යා නමැති 39 හැවිරිදි වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ඇය බීමත්ව සිටි බවත් හෙළිව තිබේ.

එම රථයේ තවත් තරුණියන් දෙදෙනකු සහ සංගීත කණඩායමක දෙදෙනකු සිටි බවත්, ඔවුන්ද අනතුරින් සුළු තුවාල ලබා ඇති බවත් බොරලැස්‌ගමුව පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

මෙම වෛද්‍යවරිය ගල්කිස්‌ස ප්‍රදේශයේ සාදයකට ගොස්‌ සංගීත කණ්‌ඩායමක දෙදෙනකු සමඟ කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට වෙසල් වර්ගයේ මෝටර් රථයේ පැමිණෙමින් සිට ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස්‌ නැවත පැමිණෙමින් සිට ඇති බවත්, එහිදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළි වූ බව එම නිලධාරියා කීය.

සැකකාර වෛද්‍යවරිය ඉතා අපරික්‍ෂාකාරී අන්දමින් රථය පදවා ඇත.

සැකකාර වෛද්‍යවරිය නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සුනීතා නානායක්‌කාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. සැකකාර වෛද්‍යවරිය රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළද, ඇය බන්ධනාගාර ගත නොවී මේ වන විට කළුබෝවිල මහ රෝහලේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද නේවාසිකව සිටින බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙම අනතුරෙන් පොලිස්‌ පරීක්‍ෂකවරයා ගමන් ගත් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇතැයි ද පොලිසිය කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka