gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් සංස්ථාවේ ලොක්කන් තිදෙනෙකුට වැඩ වරදියි

පසුගිය මැයි මාසයේ ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේ පෞද්ගලිකව ලාබ ඉපැයීමේ අරමුණින් ඉන්ධන බවුසර් තොගයක් නීතිවිරෝධී ලෙස මුදාහල බව කියන ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරින් තිදෙනකුට එරෙහිව අමාත්‍යංශය මගින් විනය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව පර්යන්තයේ
බෙදාහැරීම් කළමනාකරු, ජ්‍යෙෂ්ඨ බෙදාහැරීම් විධායක, සහකාර ගණකාධිකාරී යන අයට විරුද්ධව මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත.

මොවුන් තිදෙනාට විරුද්ධව මූලික පරීක්ෂණ ආරම්භ කර දැනට වෙනත් ස්ථාන වෙත මාරු කර ඇතැයි වාර්තාවේ.

මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක වනතෙක් ගබඩාවෙන් තෙල් පිට නොකළ යුතු වුවත් මොවුන් තිදෙනා මැදිහත්ව තෙල් බවුසර් 45ක් නීතියට පිටින් මුදාහැර තිබීම ගැන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වාර්තා වීමත් සමඟ පරීක්ෂණ ආරම්භ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka