gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකිකයන් 62000කට රට යාම තහනම්

ශ්‍රී ලාංකිකයන් 62,338 දෙනකුට මෙරටින් විදේශගත වීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක් ද සිටින බවයි පැවසෙන්නේ.

මෙම තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කර
තිබෙනවා.

ලංකාවේ අධිකරණ හා හමුදා අධිකරණ මඟින් මෙම නියෝග ලබා දී ඇති අතර 62,338ක් වන මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බව සඳහන්.

හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය වනවා.

මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් බුද්ධි අංශ සඳහන් කරනවා.

ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මීට ඉහතදී අනාවරණය කළා.

සංචාරක වීසා උපයෝගී කර ගනිමින් විදේශ රටවලට රැගෙන ගොස් නීති විරෝධී අන්දමට විදේශ රටවල රැකියාවලට යොමු කරන ජාවාරම්කරුවන් මැඬලීම සඳහා මෙම දේශසීමා කළමනාකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

අසාදු ලේඛනගත කර සිටින පුද්ගලයන් කිහිපදෙනකු රටින් බැහැර වීමට හා රටට ඇතුළු වීමට ගිය අවස්ථා වාර්තා වීම නිසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බවයි ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka