gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිවු වෙඩි තැබීමෙන් සරසවි සිසුවා මරුට

මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කල වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා ඊයේ (13) සවස මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

පසුගිය 11 වනදා රාත්‍රියේ කොම්බාවිල්හි අදාල සරසවි සිසුවාගේ නිවසට ඇතුල් වූ පිරිසක් තියුණු ආයුධ වලින් පහර දී නිවැසියන්ට වෙඩි තබා පලා ගොස් ඇති අතර ඉන් තුවාල ලැබූ සිව් දෙනෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වෙඩි වැදීමෙන් බරපතල තත්වයේ සිටි සරසවි සිසුවා වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහලට මාරුකොට යැවීය.


පසුව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා ඊයේ (13) දින මිය ගොස් ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ කොම්බාවිල්හි පදිංචි තිරුසෙල්වම් කපිලන් නැමති සරසවි සිසුවායි.

අදාල වෙඩි තැබීම සිදු කල බවට සැකකෙරෙන සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka